ආසන බල මණ්ඩල වැඩේ අල කරන්න ගිය ලොක්කෙකුට පොහොට්ටුවෙන් ටොක්කක් !

Date:

පොහොට්ටුව කලාවැව ආසන සමුළුව පවත්වමින් ඊයේ (26) දිනයේදී තමන්ගෙ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළා. මේ විදියට ආසන සමුළු දිවයින පුරාම පවත්වන්න නියමිතයි.

ආසන සමුළු පවත්වන්න කලින් ආසන බල මණ්ඩල පිහිටුවලා ඡන්දෙකට සූදානම් වෙන්න කියලා පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට මීට සති කිහිපයකට කලින්ම දැනුම් දීමක් කළාලු පක්ෂයේ ඉහළින්.

ඒත් මේ වෙද්දී පොහොට්ටුවේ හිටියාට මොකද රටේ ලොක්කාටයි අලි පාටියටයි වැඩියෙන් ඇඟෑලුම්කමක් දක්වන, කොළඹට ආසන්න දිස්ත්‍රික්කයක ලොක්කෙක් මේ වැඩේ අල කරන්න සෙට් වුණා ලු. ආණ්ඩුවෙත් ලොකු තනතුරක් දරන මෙතුමා තමන්ගෙ දිස්ත්‍රික්කයේ, තමන්ට හිතවත් මැති ඇමති සයිස් කට්ටියට කතා කරලා, මේ වැඩේ නොකර ඉන්න විකල්ප යෝජනාවක් ගේමු කියලා කිව්වා ලු. කට්ටිය එකඟත් වුණා ලු.

කොහොම වුණත් මේ කතාව ගෙඩිය පිටින්ම පොහොට්ටු මූලස්ථානයට ආරංචි වෙලා එහෙන් සැර පණිවිඩයක් ආවා ලු අර මැති ඇමති සයිස් සෙට් එකට. ඊටපස්සේ ඒ දිස්ත්‍රික්කයේ ආසන දෙක තුනක ඇරෙන්න අනිත් හැමෝම ආසන බල මණ්ඩල පිහිටුවලා පක්ෂයේ වැඩේ ඉස්සරහට ගෙනියන්න සපෝට් කළා ලු. පක්ෂයට පිටින් සෙල්ලම් පෙන්නන්න ගියොත් තමුන් තනි වෙනවා කියලා දැන් අර ලොක්කාටත් දැනිලා ලු.

පක්ෂය ඇතුළෙම ඉඳන් එළියෙ අයට සපෝට් කරන ඒ ලොක්කාට පාඩමක් උගන්වන්න ඕනෙ නිසා පක්ෂය තද තීන්දුවක් අරන් මේ ටොක්ක ඇන්නා කියලා තමයි ආරංචි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...