විජයදාස රාජපක්ෂට එරෙහි නඩුවකින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉවත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27, කොළඹ (LNW): අද (27) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගය නිකුත් කිරීමට අදාළ නඩුව විභාග කිරීමෙන් තමා ඉවත් වන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන නිවේදනය කළ බව සඳහන් වේ.

අමාත්‍යවරුන් වූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක විසින් ගොනු කළ මෙම නඩුව අද කැඳවනු ලැබු අවස්ථාවේදී දිසා විනිසුරු සඳුන් විතාන සඳහන් කළේ තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරු වරයා වෙත යොමු කරන බවයි.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරු වරයා ඉදිරියේ මෙම නඩුව කැඳවන ලද අතර, එහිදී මෙම නඩුවට අදාල විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කළ බව සඳහන් වේ.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය තවදුරටත් ලබන 27 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරු වරයා නියෝග කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...