(VIDEO):රනිල් එක්ක එකඟතාව තියෙන්නේ ගෝඨාභයගේ ඉතිරි ධූර කාලය සඳහා පමණයි – පොහොට්ටු ලේකම්

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා පමණක් වන එකඟතාවක් පමණක් වන අතර ඉන් ඉදිරියට ඉදිරිපත් කරන්නේ රටට සුදුසුම නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ, අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

රට වෙනුවෙන් හිටගන්නා, රටට ආදරය කරන, සංස්කෘතියට ගරු කරන, ආර්ථිකය ගොඩගත හැකි ඊට හොඳ සැලැස්මක් ඇති නායකයෙක් රටට අවශ්‍ය බවයි කාරියවසම් මහතා සඳහන් කළේ.

එම නායකයාව පත්කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැදිහත් වන බව ඔහු කියාසිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය අදහසක් නැති මෝඩයෙක්!

මේ අතර රටට මේ මොහොතේ මැතිවරණ අවශ්‍ය නැති බවත් තවදුරටත් වත්මන් ජනාධිපතිවරයාට සහය දීම වැදගත් බවට එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකර තිබෙන ප්‍රකාශයට ද සාගර කාරියවසම් මහතා පිළිතුරු දෙන ලදී.

ඒ අනුව ඔහු පැවසුවේ එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ගැන කිසිම අදහසක් නැති මෝඩයෙක් විය යුතු බවයි.

කාරියවසම් මහතා තවදුරටත් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් නිසි කලට මැතිවරණ පැවැත්විය යුතු වන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...