චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ දෙවැනි වටයේ සාකච්ඡාව පැවැත්වේ. සංවාද මාර්ගයෙන් අනවබෝධයන් දුරු කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබෙනවා.

එසේ ම, මෙහිදී ඇමරිකාව චීනය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කර ඇති ප්‍රකෝපකාරී ක්‍රියාවන් වෙත චීනය දැඩි සැලකිල්ල දක්වා ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ භෞමික අඛණ්ඩතාව හා සමුද්‍ර අයිතිවාසිකම් වෙත ගරු කර චීනය හා අසල්වැසි රටවල් අතර පවතින මුහුදු මායිම් සම්බන්ධ මතභේදවලට අනිසි බලපෑම් එල්ල නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

එමෙන්ම ‘තායිවාන ස්වාධීනත්වය’යන්න තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වයට එල්ල කරන දැවැන්තම තර්ජනය බව චීනය පවසනවා.

‘තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන්කිරීම’ට සහාය නොවන ඇමරිකාවේ ප්‍රතිඥාව අඛණ්ඩව අනුගමනය කළ යුතු බව ද චීනය එහිදී අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...