වතු ගැන ජනාධිපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය! සමෘද්ධි බැංකුත් රාජ්‍ය විගණනයට!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

උක්ත් හිඟ ව්‍යවස්ථාපිත අරමුදල් නොගෙවීම නිසා දිවයිනේ පළාත්වල නඩු 2000කට වැඩි ප්‍රමාණයක් විභාග වෙමින් තිබෙන බව සඳහන්.

මේ අතර සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම සඳහා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සමෘද්ධි පනතේ විධිවිධාන පරිදි එම ප්‍රජා මූල බැංකු සහ බැංකු සමිති වාර්ෂිකව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් විගණනය කරනු ලබන අතර ජාතික විගණන කාර්යාලයේ විගණනයට ලක්විය යුතු බවට වන විධිවිධාන සමෘද්ධි පනතේ ඇතුලත්ව නැත.

මෙම ආයතන රජයේ විගණන කාර්යාලය විසින්ද විගණනය කිරීම මගින් ඒවායේ කාර්යයන් විනිවිද භාවයෙන් පවත්වා ගැනීමට සහ ජනතාවගේ විශ්වාසය හා පිළිගැනීම වර්ධනය කිරීමට හැකිවනු ඇති බව හඳුනාගෙන ඇති හෙයින් ඒ සඳහා විධිවිධාන පනවමින් සමෘද්ධි පනත සංශෝධනය කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...