අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් වැලිකඩ OIC රිමාන්ඩ් !

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර තිබේ.

ඒ, සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබුණේ පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටි බවට වන චෝදනාවක් සම්බන්ධයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...