නාවික ආධුනිකයෝ පිරිමි සහ කාන්තා බොක්සිං කිරුළු පළදිති

Date:

පිරිමි සහ කාන්තා බොක්සිං ක්‍රීඩාවේ නැගී එන දක්ෂතා ඇත්තන් වෙනුවෙන් සංවිධානය වූ 2023 ආධුනික බොක්සිං තරගාවලිය, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සංවිධායකත්වයෙන් රෝයල් මාස් ඇරිනා හි දී පැවත්විණි.එහිදී පිරිමි සහ කාන්තා සූරතා ද්විත්වයම නාවික හමුදාව විසින් දිනා ගැනීම කැපී පෙණින.

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ වෛද්‍ය කොමිසමේ සහ ආසියානු බොක්සිං සංගමයේ වෛද්‍ය කොමිසමේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකා බොක්සිං වෛද්‍ය කොමිෂන් සභාවේ සභාපති තරංග අරුග්ගොඩ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා සේ එක්විය.නාවික හමුදාව නියෝජනය කළ වෛද්‍යවරයෙක් ලෙස පළමුවෙන් බොක්සිං කේෂ්ත්‍රහ සමඟ එකතු වූ වෛද්‍ය අරුග්ගොඩ ප්‍රධාන ආරාධිතයා සේ කැඳ වූ අවස්ථාවේදී ඔහු අතින් ප්‍රධාන වශයෙන්ම ඇගයීම ලද බොක්සිං කණ්ඩායම වන්නට නාවික හමුදා බොක්සිං කණ්ඩායමට හැකි වීම ද අපූරු සිඳුවීමක් විය.
හෙට දවස වෙනුවෙන් ලාංකේය බොක්සිං කවය තුළ පැහැදිළි සූදානමකින් සහ කැපවීමකින් සිටින බවට සිය දක්ෂතා හරහා ප්‍රකාශයක් කළ නාවික හමුදාව මේ තරගාවලිය පුරාවට කාන්තා සහ පිරිමි අංශයෙන් පදක්කම් 16 ක් සිය භාරයට ගැනීමට සමත් විය.ඉන් පිරිමි අංශයෙන් පහක් සහ කාන්තා අංශයෙන් තුනක් සේ අටක්ම රන් පදක්කම් විය.
දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ නාවික හමුදාවේ සඳුන් ප්‍රියංකර ය.ඔහු පේරාදෙනිය ද්විතියික කණිෂ්ඨ පාසලේ ඉගෙනුම ලබා නාවික හමුදාව සමඟ එක් වූ අයෙක්ය.දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වූයේ නාවික හමුදාව නියෝජනය කළ මලීෂා ජීවන්ති කෝනාර ය.ඇය නාවික හමුදාවට එක්ව ඇත්තේ ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් ඉනික්බිතිවය.

ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ ආර් පවන්තිරන් ද,වේයන්ගොඩ බොක්සිං ක්‍රීඩා සමාජය නියෝජනය කළ සචිනි ප්‍රනාන්දු ද පිරිමි සහ කාන්තා අංශවල හොඳම පරාජිතයා ලෙස ඇගයීමට පාත්‍ර විය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...