(VIDEO):NPP ය ප්‍රතිපත්තියක් නැති බව පෙන්නුවා – විවාදය ගැන NPP තීන්දුවට සමඟියේ තිස්සගෙන් ප්‍රතිචාර!

කොළඹ LNW:විවාදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය දරන ස්ථාවරය අනුව ඔවුන් වේදිකාවල පුරසාරම් කියෙව්වද ඔවුන්ට ප්‍රතිපත්තියක් නොමැති බවට දැන් තහවුරු වී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයට විවාදය සඳහා ආරාධනා කළේ ඔවුන් වේදිකාවල පවසන විවිධ කතා නිරීක්ෂණය කිරීමෙන් පසුව බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

විවාද දෙක සඳහාම සමඟි ජන බලවේගය දින දී ඇති පසුබිමක ජාතික ජන බලවේගය ඉන් පැන යන්නේ ඇයිද යන්න තමන් විමසා සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ හැසිරීමෙන් ඔවුන්ට වැඩපිළිවෙලක් හෝ ප්‍රතිපත්තියක් නොමැති බව පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...

ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය දුන්නා. මෙවර ඩීසල් සඳහා පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ...

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...