ආනයනය කරන්න බඩුත් නෑ ඩොලරුත් නෑ, බතල වැලක්වත් හිටවගන්න – කෘෂිකර්ම ඇමති

Date:

කෘෂිකර්ම අමාත්‍යංශය බාර ගත්තේ ඉතාම අවාසිදායක තත්වයක් යටතේ බවත්, එය පැහැදිලිවම තහවුරු වූයේ තනතුරේ දිවුරුම් දී වැඩ බාර ගැනීමෙන් පසුව බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

රසායනික පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ආනයනය කිරීමට පියවර ගන්නා බව හිටපු කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කර තිබූ නමුත් මේ දක්වා පොහොර හොන්ඩරයක් හෝ ආනයනය කර නොමැති බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා. ගොවීන් පොහොර බලාපොරොත්තුවෙන් සිටින නමුත් රසායනික පොහොර ලබාදෙන දිනයක් සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමට හෝ නොහැකි බවද ඔහු සඳහන් කරනවා.

රටේ තත්වය එසේ තිබියදී ලෝකයේ තත්වයද භයානක වෙමින් තිබෙන බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමද අවදානම් සහගත තත්වයට පත්ව ඇති බව මහින්ද අමරවීර මහතා පවසනවා. බොහෝ රටවල් මේ වනවිට ආර්ථික ගැටලුවලට මුහුණදෙමින් සිටින බවත්, මේ නිසා එම රටවල් සතු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සීමා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආනයනය කටයුතු සඳහා අවශ්‍ය ඩොලර් නොමැති තත්වයක් තුළ, ඩොලර් තිබුණද ආහාර ආනයනය කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති හෙයින් අවම වශයෙන් බතල වැලක්, මඤ්ඤොක්කා දණ්ඩක් හෝ සිටුවා ගැනීම ආනාගතයට වැදගත් වනු ඇති බව මහින්ද අමරවීර මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්