ප්‍රධාන ගංගා පහක ජල මට්ටම් ඉහළට.අවධානම ගැන අවධානයෙන් පසුවන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!

කොළඹ LNW:කැලණි, කළු, ගිං, නිල්වලා සහ මහවැලි ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, මෙම ගංගාවල ජල මට්ටම ඉහළ යමින් ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නවතම නිවේදනයට අනුව කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයෙනි.

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින අතර බද්දේගම ප්‍රදේශයෙන් ඉහළ යමින් ඇත්තේ කළු ගඟේ ජල මට්ටමයි.

නිල්වලා ගඟේ ජල මට්ටම පනාදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව සඳහන්.

මේ අතර මහවැලි ගඟේ ජල මට්ටම නාවලපිටිය ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැකි බවය.

මෙලෙස ගංගා වල ජල මට්ටම් ඉහළ යාම ක්ෂණිකව සිදුවන හෙයින් මේ ගැන මහජනතාව අවධානයෙන් පසුවෙමින් අතුගංගා හරහා ගමන් කිරීම, දිය නෑම ආදියට ජලයට නොබසින ලෙසයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...