*
Sunday, December 15, 2024
spot_img

Latest Posts

(VIDEO):රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ එකම විසඳුම පෞද්ගලීකරණය නොවෙයි – විපක්ෂ නායක

කොළඹ LNW:පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ දී පෞද්ගලීකරණය එකම විකල්පය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටක් ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ නාමයෙන් පෞද්ගලීකරණය කිරිම ද විවිධ නව ව්‍යවසායකත්ව කළමනාකරන සංකල්ප උපයෝගී කර ගෙන ලබන ලාභයටත් වඩා වැඩි ලාභයක් ලබා ගැනීමේ ක්‍රමවේදයකට ප්‍රවේශ වීම ද යන කරුණු කාරණා ගැන බරපතල ලෙස සිතිය යුතු බවයි විපක්ෂ නායකයා පවසන්නේ.

බදු ගෙවන්නන්ගේ අරමුදල් නිකරුණේ ජාතික අවශ්‍යතාව සඳහා ධනාත්මක එකතුවක් ඇති නොකරන ආයතනවලට රිසි සේ මුදල් පොම්ප කිරීමෙන් රටක් ගොඩනැගිය නොහැකි වුවත් ඒවා ප්‍රතිව්‍යූහගත කරණයේ දී පෞද්ගලිකරණය ද එකම විකල්පය කියා නොසිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා කියාසිටියි.

අප රටටම ගැලපෙන ආකෘතියක් වැඩපිළිවෙළක් ඇති කර පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමත් ඒ තුළ යම් යම් අගතිගාමී තත්ත්වයන් කම්කරු පන්තියට එනවා නම් නව සැලසුම් හා නව විසඳුම් කරා යා යුතු බවත් මේ සෑම අවස්ථාවකදීම සෞභාග්‍යය යන්න ජන සමාජයේ බලවතුන්ට ප්‍රභූන්ට ඉහල කණ්ඩායම්වලට පමණක් සීමා නොවී ජන සමාජයේ හඬක් නොමැති නිහඩ බහුතරයට ද හඬක් බවට අප සැම දෙනා පත්විය යුතු බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (29) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වෘත්තිය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ 60 වසරක වෘත්තීය සමිති දිවිය සැමරීම වෙනුවෙන් පැවැති වැඩසටහනක් අමතමිනි.

එසේම රට පැවැත්ම ආර්ථික ක්‍රියාවලිය මත පදනම් වන බවත් ආර්ථික යාන්ත්‍රණය තුළ භාණ්ඩ හා සේවා නිපදවෙන බවත් භාණ්ඩ හා සේවා නිපදවෙන නිෂ්පාදන ක්‍රියාදාමයට ලොව පිළිගත් වැදගත් අංශ 4ක් පවතින බවත් එනම් ඉඩම්, ප්‍රාග්ධනය, කම්කරුවෝ සහ ව්‍යවසායකත්වය යන අංශ 4න් කම්කරු අංශය වෙනුවෙන් කම්කරු ප්‍රජාවගේ මූලික හා මානව අයිතීන්, ආර්ථික සමාජීය දේශපාලනික සහ අනෙකුත් අයිතීන් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටි පරමාදර්ශී චරිතයක් ලෙස ලෙස්ලි දේවේන්ද්‍ර මහතා හැඳින්විය හැකි බවත් ඔහු විශ්වාස කරන න්‍යය හා සමගි ජන බලවේගය පිළිපදින මැද මාවත අතර සමානකම් ඇති බවත් විපක්ෂ නායකවරයා කියාසිටියි.

තවද ඔහු සමගි ජන බලවේගය මෙන් ගජමිතුරු ධනවාදය, ලුම්පන් ධනවාදය තරයේම ප්‍රතික්ෂේප කරන බවත් ධනය, සම්පත හා ආදායම සර්ව සාධාරණව බෙදී යා යුතුයි යන සංකලයේ සිටින බවත් සමාජ සාධාරණත්වය, සමානාත්මතාව, යුක්තිය පදනම් කර ගෙන බෙදී යාම නිවැරදිව සිදුවිය යුතුයි කියන ප්‍රතිපත්තිය අනුගමනය කරන ජනතා නායකයකු බවත් හෙතෙම පවසයි.

එමෙන්ම රටක නිෂ්පාදන දාමය තුළ බොහෝ විට ධන උත්පාදනයට කම්කරු පන්තිය ලබා දෙන දායකත්වය ක්‍රමවේදය අනුව නොසලකා හැරීමක් සිදුව ඇති බවත් එය අප රටේ පමණක් නොව ලෝක ඉතිහාසයේ පවා සිදුවූ දෙයක් බවත් ධනය උත්පාදනය කරන්න කම්කරු ශ්‍රමය දායකත්වයක් ලබා දුන් පසු ධනවාදය මානුෂීය නොවන්නේ නම් ඒ උත්පාදනය කරන සම්පත හා ධනය සුපිරි පැළැන්තියේ බලාධිකාරයට යටත් වන බවත් එය එසේ නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා කියාසිටියි.

මෙම ධනවාදය මානුෂීය ධනවාදයක් විය යුතු බවයි ඔහු පවසන්නේ.

ධනවාදී ක්‍රමය තුළ ඇති හැකි නැති බැරි පරතරය නිර්මාණය වන බැවින් මේ අවස්ථාවේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් බවත් උත්පාදනය කරන ධනය යුක්තිය සාධාරණත්වය සමානාත්මතාව කේන්ද්‍ර කර ගෙන සමසේ බෙදී යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයකට මුල පිරීම ලෝකයේ බොහෝ සාර්ථක රටවල් අනුගමනය කරනා බවත් එකතු කර ගත් වර්ධනය බෙදා ගත් සෞභාග්‍යය වැනි සංකල්පයන් තුළ සාර්ථක ගමන් යන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

ලෙස්ලි දේවේන්ද්‍ර මහතා දශක 6ක විශිෂ්ට සමාජ සේවාවක් ඉටු කරමින් අප රටේ හඬක් නොමැති නිහඬ බහුතරයක් වෙනුවෙන් අසීමිත කැපකිරීමක් හා දැඩි අධිෂ්ඨාන ශක්තියක් තුළ ඉටු කළ සේවාව නොනිමි මෙහෙවරක් බවත් එය ඇගයීමට ලක්වන මොහොතේ සහභාගී වීමට හැකියාව ලැබීම ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan