ජොනීට එරෙහිව සතොස අල්ලස් නඩුව යළිත් ගොනු කරයි

Date:

සතොස ආයතනයේ සිදු වූ බව කියන දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහමඩ් ශාකීර් යන දෙදෙනායි.

යහපාලන රජය සමයේදී මෙම චෝදනාවලට අදාලව නඩු දෙකක් ගොනුකර තිබිණි. අදාල නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය ලබාගෙන නොහැති බවට විත්තියේ නීතිඥයන් අධිකරණය හමුවේ විරෝධතා ගොනුකළ අතර ඉන් අනතුරුව චෝදනා ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කළේය.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීරණය කළේය.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ නිසි අනුමැතිය ලබාගෙන අද යළිත් නඩුවට අදාල අධිචෝදනා ගොනුකර තිබේ.

2010 – 2015 කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සතොස ආයතනයේ සේවකයන් නිළ රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා භාවිතා කිරීම හරහා රජයට රුපියල් කෝටි 04 කට අධික පාඩුවක් සිදුකර ඇති බව පවසමින් මෙම චෝදනා ගොනු කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: පෙබරවාරි 11 වන දා...