ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ රිට් පෙත්සමේ තීන්දුව ජූනි 23

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව ජූනි 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත .

එම රීට් පෙත්සම ගොනුකර ඇත්තේ , තමන්ව සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලමිනි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කර තිබුණේ දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුවයි.

අද දින පෙත්සම් විභාගයේ දී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදේශ ගමන් තහනම්කිරීම ඇතුළු සෙසු නියෝග සියල්ල මහෙස්ත්‍රාත්වරයා නිකුත්කරන ලද්දේ විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා, අගතියට පත් පාර්ශ්වයේ නීතිවේදීන් ඉදිරිපත්කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුනි.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙවැනි නඩූකරයකදී අභියාචනාධිකරණයට පැමිණ සහන පැතීමට හැකියාව තිබෙන බව සඳහන් කළ අතර පෙත්සම් විභාගය අවසන් කරමින්  අධිකරණය මෙම නියෝගය නිකුත්කර ඇත.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...