Update 01: දුමින්දගේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ටිරාන් සහ රේනෝ අතර සාකච්ජාවක්!

Date:

දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසු ඉදිරියේදී ගත යුතු ක්‍රියාමර්ග ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දුමින්ද සිල්වාගේ සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතා අතර සාකච්ජාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන පරිදි මේ වන විට දුමින්ද සිල්වා විදෙස් ගතව සිටින හෙයින් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමඟ කෙසේ ඉදිරි ක්‍රියාමර්ග ගත යුතුද යන්න පිළිබඳවයි එහිදී සාකච්ජා කර ඇත්තේ.

දුමින්ද සිල්වාට ලබා දී තිබුණු ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අත්හිටුවීමෙන් පසු යළිත් ඔහුට පනවා තිබුණු දඬුවම ක්‍රියාත්මක වන හෙයින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ජනාධිපති සමාව ලබා දීම අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් වන තෙක් දුමින්ද සිල්වාට ලබා දී තිබූ දඬුවම ක්‍රියාත්මක වනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...