සෝමාවතියෙන් ඒද තාත්තා ….

Date:

මැයි 30 වැනි දා වනාහි ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ 83 වැනි ජන්ම දිනය යෙදෙන දා ය.

2016 වසරේ දී හැත්තෑ හය හැවිරිදි ව අප අතරින් වෙන්ව ගිය ඒ අප්‍රමාණ මිනිසා ගැන අමුතුවෙන් පූර්විකා සැපයිය යුතුයැයි නොසිතමි. අජන්තා මියැදුණ ද සදා නොමියෙන අජන්තා ගීතාවලිය අදටත් අප හට පවසන්නේ සැබෑ කලාකරුවෙකුට විහිද පැතිර යා හැකි අවකාශයට සීමා මායිම් නැති බව ය. ඔහු එක් පසෙකින් පණ්ඩිත් අමරදේවයන් හට ගී ලියා ජනාධිපති සම්මාන දිනුවේ ය. තවත් පසෙකින් රූකාන්ත ගුණතිලකට ගී ලියා සරසවි සම්මාන දිනුවේය. ඒ සියල්ලටම එපිටින් එච්. ආර්. ජෝතිපාලට ජනකාන්ත ගීත ලියන්නටත් ; හින්දි ගී තනුවලට අර්ථපූර්ණ සහ රසපූර්ණ සිංහල පද මවන්නටත් තරම් නිර්මාණශීලී නිර්භීතත්වයෙන් යුතු විය. ගුරුකුල සහ කේන්ද්‍රීය කුලකවලින් අවසඟව තම හෘද සාක්ෂ්‍යයට එකඟව තෝරා ගැනීම් කරන්නට තරම් ආත්ම විශ්වාසයකින් යුතු විය.

මේ යළිත් සිහිකරන්නේ අජන්තා රණසිංහයන් තමා යොවුන් වියේදී තමා ට අහිමි වූ පියාණන් ගැන ලියූ ගීතයකි.

අජන්‍තා ! ඔබේ රසික දරු පරම්පරාව ලෙස අප ඔබගෙන් මෙසේ අසමු.

‘ඉපල් ගැහුණු තුරු දළුමල් හටගෙන
කිරුළු දරන් දරුවන් දැක ගන්නට
අග්ගහි දානය පූජා කරනට
සෝමාවතියෙන් ඒද තාත්තා …..’

සම්පූර්ණ ගීතය :

දකුණු අකු දා වහන්සේ
වැඳගන්නට සෝමාවතියේ ගිය
ම‍ගේ තාත්තා නෑ තව ආවේ
දෙපෝදාට පායන සඳ එළියේ
සුංගාවිල වනයේ හෙව්වා අපි

ඉරමල පිපුණා සේ ගම බැබලී
කදෝකිමියෙකැයි සිතාන උන්නද
හෙන්දිරික්කා මල් පිපෙන සැඳෑවේ
අපේ අම්මා දරු මුව පොව්වන් හා
චිමිනි ලාම්පුව යට හෙවණැල්ලේ
සුභාෂිතේ කවි කියුව තාත්තා
සුංගාවිල වනයේ හෙව්වා අපි

ඇළ දොළ වෙල්දෙනි ළඳු ඕවිටිවල
අදත් තාත්තා පියමං කරනා
ඉපල් ගැහුණු තුරු දළුමල් හටගෙන
කිරුළු දරන් දරුවන් දැක ගන්නට
අග්ගහි දානය පූජා කරනට
සෝමාවතියෙන් ඒද තාත්තා

(පද රචනය : අජන්තා රණසිංහ
ගායනය, තනුව, සංගීතය : සනත් නන්දසිරි)

~ සහන් කසීර වික්‍රමසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...