*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ඊනියා යටත්විජිතකරණයට ඔබ නතුවෙන්න එපා –  සාගර කාරියවසම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පොදු පෙරමුණු නායකයින් රට වෙනුවෙන් කරපු සේවය ජනතාවට ප්‍රකාශ කරමින් , රට වෙනුවෙන් ඔවුන්ගේ තිබෙන වැඩපිළිවෙළ මොකක්ද කියන කාරණය මත දේශපාලනය කරනවා මිස පහත් තත්වයේ කාරණා තුළ දේශපාලනය කරන  පක්ෂයක් නොවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ,

” අපි දන්නවා පසුගිය සියවස්වල ලෝකයේ බලවත් ජාතීන් බලවත් නොවන රාජ්‍ය යටපත් කරගැනීම, එම රාජ්‍ය විනාශ කිරීම සහ ඔවුන්ගේ සාරය උරා ගැනීම සඳහා කටයුතු කළේ යටත් විජිතවාදය තුළින්. නමුත් නූතන ලෝකයේ එහෙම කරන්න බැරි නිසා නූතන ලෝකයේ නව යටත්විජිතවාදය හැටියට සිදු කරන්නේ අනෙකුත් රටවල් විනාශ කිරීම. ඒ විනාශ කිරීම සිදු කරන්නේ විශේෂයෙන්ම රටක තිබෙන හර පද්ධතීන් සහ සංස්කෘතිය විනාශ කිරීම තුළින් රටවල් විනාශ කරන බව අපිට පේනවා. මෑත කාලීන ලෝකයේ ඇතිවෙච්ච තත්වයන් දිහා බැලුවාම ඒ බව පෙනී යනවා. ලංකාවෙත් මේ වන කොට අපිට අත්දකින්න ලැබෙන්නේ එවැනි තත්වයක්.

මේ රටේ තිබෙන බෞද්ධ සංස්කෘතියට , රටේ තිබෙන ක්‍රමවේදයන්ට , හැදියාවන්ට පහර එල්ල කරලා ඒවා අපහසයට ලක්කරලා ඒ සංස්කෘතික වටිනාකම් නැති කරලා මේ සමාජය විනාශ කරන්න උත්සහ දැරීමක් දකින්න තිබෙනවා. අපි දැක්කා මෙයට විදේශ සංවිධානවලින්, විදේශ රාජ්‍යවලින් විශාල ලෙස මුදල් ලැබිලා තිබෙනවා කියන කාරණය පසුගිය දවස්වල. මම හිතන්නේ මෙය තමයි පහුගිය කාලයේ අරගලය නමිනුත් මේ රටේ එළියට ආවේ. කොවිඩ් තත්වයත් එක්ක, යුක්රේන් රුසියානු යුද්ධයත් එක්ක සමස්ථ ලෝකයම ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට හේතු වුණා. අපි විතරක් නොවේ ලෝකයේ බොහෝ දියුණු රටවලවල පවා අද වනවිටත් ආර්ථික අර්බුදය තිබෙනවා. ලංකාවේ ඇතිවෙච්ච අර්බුදය හුදෙක් පාලකයින්ගේ අසමත්කමක් හැටියට හුවා දක්වලා ඒ අර්බුදය තුළින් මේ රටේ අරගලයක් නිර්මාණය කරන්න උත්සහ දැරීම පිටිපස්සේ මේ විවිධ බලවේග තිබෙනවා. ඒ අරගලයට මූලික වෙච්ච පිරිස තමයි අද අපිට දකින්න ලැබෙන්නේ මේ රටේ සංස්කෘතිය, හැඳියාව, වටිනාකම් විනාශ කරන්න උත්සහයන් දරා ඇත්තේ.

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ඉතා පැහැදිලිව කියනවා මෙවැනි පහත් දේවලින් බලය ලබාගන්න පක්ෂයක් නොවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ. අපි පක්ෂයක් හැටියට අපේ ප්‍රතිපත්ති ඉදිරියට දාලා, අපේ නායකයින් මේ රට වෙනුවෙන් කරපු සේවය ජනතාවට ප්‍රකාශ කරලා, ඉදිරියට මේ රට වෙනුවෙන් අපේ තිබෙන වැඩපිළිවෙළ මොකක්ද කියන කාරණය මත දේශපාලනය කරනවා විනා මෙවැනි පහත් තත්වයේ කාරණා තුළ දේශපාලනය කරන  පක්ෂයක් නොවේ පොදුජන පෙරමුණ. ඒ වගේම රාජපක්ෂවරුන් ඒ වගේ පහත් තත්වයේ දේශපාලනයකට යොමුවන පිරිසක් නොවේ. මේ කාරණා පිටිපස්සේ ඉන්නේ කවුරුන්ද කියන එක මේ රටේ ජනතාවට ඉතා හොඳින් එත්තු ගිහින් තිබෙනවා. මේ රටේ පහුගිය කාලයේ මේ ඇති කරපු ඊනියා අරගලය පිටිපස්සේ හිටපු පක්ෂ සහ සංවිධානම මේ රටේ සංස්කෘතිය කඩා බිඳ දැමීම , බෞද්ධ දර්ශනයට ප්‍රහාර එල්ල කිරීම, බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම කියන මේ කාරණා පිටිපස්සේ අරගලයට ශක්තිය ලබාදුන්, අරගලයට පෙනි සිටි පක්ෂ සහ සංවිධාන සිටින බව ඉතා පැහැදිලියි. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ඊනියා යටත්විජිතකරණයට ඔබ නතුවෙන්න එපා”

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan