සම්පත් බැංකුවේ මූල්‍ය තත්වය අස්ථාවර වී ඇති බවට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යය බව එම බැංකුවේ පාලනාධිකාරිය පවසයි.
මෙරට වාණිජ බැංකු අතරින් හොඳම ශේෂ පත්‍රය ඇත්තේ තම බැංකුව සතුව බව පවසන ඔවුන් තම බැංකුවට එරෙහිව කිසියම් පිරිසක් විසින් වෛරීසහගත ලෙස මඩ ප්රචාරණයක නිරත වී සිටින බවයි සඳහන් කරන්නේ.
මෙම අසත්‍ය ප්‍රචාරය පතුරුවා හරින සියලුම දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් සම්පත් බැංකුවෙහි ඉහළ මට්ටමේ නිලධාරියකු අප වෙත ප්‍රකාශ කළේය.
RN