*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

විකාශන අධිකාරි පනතට චරිතගේ විරෝධය (VIDEO )

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රජාතන්ත්‍රවාදය ඈවරකරන විකාශන අධිකාරී පනත  – පා.ම. මහාචාර්ය චරිත හේරත්

රට තුළ පවතින මූලික අයිතිවාසිකමක් වූ භාෂණය නිදහස ද අහිමි කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කරන අසාර්ථක උත්සාහයක් ලෙස විකාශන අධිකාරි පනත නමින් රජය ඉදිරියේදී  ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන විකාශන අධිකාරි පනතේ දළ සැකැස්ම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම කාලෝචිත සහ ඉතාම අවස්ථානුකූල ක්‍රියාවක් ලෙස මා දකිනවා.

මෙය සකසා තිබෙන්නේ  ඉදිරියේදී රජය විසින් ගෙන ඒමට යෝජිතව පවතින විකාශන අධිකාරි පනතේ මූලික සැකැස්ම ලෙසයි. බැලූ බැල්මටම කිසියම් වූ විධිමත් කතාබහක් හෝ
සාකච්ඡාවකින් තොරව ඉතා පටු සිතුවිලි රටාවක  සැකසූ ලියවිල්ලක් බව මෙය බැලූ බැල්මටම හඳුනාගත හැකියි. මෙහි පනතකට අදාළ පුළුල් දැක්මක් හෝ නිශ්චිත ඉදිරිපත් කිරීම් වලින් හෝ අර්ථදැක්වීම් වලින් තොර කිසියම් වූ විශ්‍රාමික මනසකින් සැකසූ ඉතා ප්‍රාථමික ලියවිල්ලක් ගණයට දැක්විය හැකි බව මගේ අදහසයි.

මාධ්‍ය කර්මාන්තය අද වන විට රට තුළ දැවැන්ත ආයෝජනයක් සිදු කරන දෙන  රාජය අංශයටත්
වඩා පෞද්ගලික  අංශය ඉතා ප්‍රමුඛ කර්මාන්තයක් ලෙස කර ගෙන යන සුවිශාල  කර්මාන්තයක් ලෙස හඳුනා ගැනීමට පුළුවනි. මෙවැනි දැනටත් ක්‍රියාත්මකව පවතින ක්ෂේත්‍රයකට බලපාන ආකාරයේ පනතක් සැකසීමේදී පවතින තත්වයන් පිළිබඳ මනා විශ්ලේෂණයක් හා විග්‍රහයක් සිදු කර එය සැකසීම කාලෝචිත ක්‍රියාවක් ලෙස මා දකිනවා. නමුත් මෙම පනත සැකසීමේදී පවතින කර්මාන්තයක් ලෙස හඳුනා නොගෙන අලුතින්ම රට තුළ මාධ්‍ය ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීමට යන ලෙස සිතා කටයුතු කර ඇති බව මෙහිදී  හඳුනා ගත හැකියි. එය වඩාත් කතාබහට ලක් විය යුතු තත්වයක් ලෙස මා දකිනවා.

මෙය සෘජුවම භාෂණයේ නිදහස හකුලන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. ඊට හේතුව මෙහි 3 වන වගන්තියේ විකාශන අධිකාරි කොමිසමේ  සංයුතිය සහ එහි පත්කිරීමේ සැකැස්ම පිළිබඳව විග්‍රහ කරනවා. මෙහි ඝන පූරණය ලෙස දක්වා  ඇත්තේද  සභාපතිවරයා ද ඇතුළු තිදෙනෙකු බවයි. ඒ අනූව එහි නිළ බලයෙන්ම අමාත්‍යාංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් වීමට නියමිතයි. ඒ අනුව ඝන පූරණය වන්නේ තිදෙනෙකු නිසා සභාපතිවරයා සහ එම නිළධාරීන් එක්ව ඕනෑම තීන්දුවක් ගත හැකි වීම ඉතාම  දුර්වල  සහ නැවත නැවතත් සංවාදයට බඳුන් කළ යුතු අවස්ථාවක් ලෙස ලෙනහැර දැක්විය හැකියි.  එවැනි තීන්දුවක් ගැනීමේ දී ඕනෑම නාලිකාවකට එරෙහිව ඉතා සීමිත සහිත පුද්ගලයන් සංඛ්‍යාවක්  පුද්ගලයන් කිහිප දෙනකු එක්ව තීන්දු කිරීම ඉතාම නුසුදුසු කටයුත්තක් ලෙස සඳහන් කළ හැකියි.

එහි තවදුරටත් සලකා බැලීමේදී ජනාධිපතිවරයාට, අමාත්‍යාංශ ලේකම්වරයාට, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට ඕනෑම තීන්දුවක් ගන්න පුලුවන්.  එය ඉතාමත් හොඳ තත්වයක් ලෙස සලකන්නට බැහැ. මේක  අවුල් ජාලයක්. මීට වඩා පුළුල්ව හිතා මෙය සකස් කළ යුතුයි. මීට වඩා තුලනාත්මක සහ විවෘතභාවයකින් යුක්තව මෙහි වගන්ති ඇතුළත් කළ යුතුය. ඊට හේතුව  මාධ්‍ය ක්ෂේත්‍රය රටේ ඉතාම සංවේදී  අංශයක් ලෙස අපට හඳුනා ගන්නට පුලුවන් නිසා.

මෙහි 3වන වගන්තිය සහ 10වන වගන්තිය එක්ව අර්ථකතනය කළ හැකියි. මෙම කොමිෂන්
සභාවට පත් කරන රජයේ නිළධාරීන්ව ද අවශ්‍ය නම් සභාපති ලෙස පත් කළ හැකියි. එසේ කළ
නොහැකියි යන්න කිසිම තැනක මෙහි සඳහන් කර නැත. එම නිසා ජනාධිපතිවරයාට අවශ්‍ය නම් රජයේ නිළධාරීන්ගෙන් කෙනෙක්  සභාපතිවරයා ලෙස පත් කළ හැකියි. ඔවුන් යටතේ මාධ්‍ය නියාමනය හෝ විමර්ෂණය සිදු වීම බරපතළ  කාරණාවක් ලෙස සඳහන් කළ හැකියි.

මෙම පත්වීම සිදු කරනු ලබන්නේ  වසර 5කට ලෙස දක්වා තිබීමයි. එය සුදුසු තත්වයක් නොවේ.
සාමාන්‍යයෙන් මෙවැනි කොමිසන් සභාවල  පත්කිරීම් සිදු වන්නේ  වසර තුනකට වගෙයි . ඒක තමයි උචිතම තත්වය කියලයි මගේ පෞද්ගලික අදහස. සමහර වගන්ති වල අර්ථකතන පැහැදිලි භාවයකින් යුක්ත නැහැ. මෙහි තියෙන්නෙ  විවෘතව පාවිච්චි කරන ලද වචන සමූහයක්. ඒ තුළ කොමිෂන් සභාවට ඕනෑම ආකාරයකට කටයුතු කරමින් විවිධ අර්ථකතන ලබා දෙමින් මාධ්‍ය ආයතන වලට එරෙහිව , විරුද්ධව කටයුතු කිරීමට නිදහස ලබාදී ඇති බවක් හඳුනා ගත හැකියි. එය ඉතාමත් නරක තත්වයක් ලෙස හඳුනා ගන්නට පුළුවන්.

අපි විවෘත රාජයයක්. රටක අලංකාරය තියෙන්නේ භෞතික සම්පත් , භෞතික දේවල්  වල පමණක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් විදිහට අපි භාවිත කරන ප්‍රජාතන්ත්‍රවාදී මෙවලම්, රටක අලංකාරය, රාජ්‍ය  අලංකාරය වැඩි කරනවා. අපි මේ විදිහට අපි පාවිච්චි කරන
ප්‍රජාතන්ත්‍රවාදී  උපකරණ, මෙවලම්  සීමා කරලා  වහලා දාන තත්වයකට පත්වුවහොත් අපේ රාජ්‍ය බාහිරින් දකින අලංකාරය, සුන්දරත්වය හුදෙකලා වුනු රාජ්‍යක් ලෙසට හන්වඩු ගැසිය හැකියි. මෙය ඉතාමත් නරක තත්ත්වයක් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan