ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.

නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල වන්නේ රුපියල් 318කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 245කි.

ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 270කි.

ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව  ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385කි.

එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 340කි.

IOC ඉන්ධන මිල ගණන් ද එම සමාගද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ
ඉහත මිල ගණන් හා සමානවම සංශෝධනය කෙරෙන බවයි.

සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් පහතින්.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...