දුමින්දව අත්අඩංගුවට ගන්න CID ය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට!

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් එම සමාව අත්හිටුවීමට ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගිය දිනවල විදෙස් ගතව සිටි ඔහු මීට දින කිහිපයකට පෙර යළි දිවයිනට පැමිණ ඇති අතර අනතුරුවයි ඔහුට සුපුරුදු ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් වී ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවෙන් පසු නීතිපතිවරයා ද පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ වහාම දුමින්ද සිල්වාව අත්අඩංගුවට ගන්න ලෙසයි.

සිටින තැනකින් සොයා දුමින්ද සිල්වාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා විය.

දුමින්ද සිල්වා වෙත ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගනිමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය උක්ත තීන්දුව ලබා දුන්නේ.

ඒ අනුව එම නඩු විභාගය අවසන් වන තෙක් දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම යළි ක්‍රියාත්මක වනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...