ඉන්දියාවේ අහමදාබාද් නුවරදී ඊයේ (31) ආරම්භ වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක කමිටුවේ රැස්වීමට ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ආරාධනා කර නොමැති බව වාර්තා වේ.
ඒ, එම රටවල් දෙකේ ක්‍රිකට් පරිපාලනය අතුරු කමිටු හරහා සිදුකෙරෙන බැවිනි.
කඩිනමින් ක්‍රිකට් නිලවරණ පවත්වා සභාපතිවරුන් ඇතුළු නිලධාරී මණ්ඩල පත්කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට කටයුතු කිරීම කෙරෙහි ICCයේ අවධානය යොමුව ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.


