තායිපේ දී පැරා මේස පන්දුවෙන් ලංකාවට රන් සහ ලෝකඩ දිනා දෙන්නට දිනේෂ් සමත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 02, කොළඹ (LNW): පැරා මේස පන්දු ක්‍රීඩක දිනේෂ් දේශප්‍රිය තායිපේ හී පැවති පැරා මේස පන්දු තරගාවලියේ දී සිටගෙන ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන් වී ඇති 9 – 10 ශ්‍රේණිය යටතේ තරග වැද එහි ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට සමත් වුණා.එම කාණ්ඩයේ සූරතාවය දිනා ගත් ස්පාඤ්ඤයේ සෙපාස් අන්දෙර් සමඟ පැවති අවසන් පූර්ව තරගයේදී ලද පරාජය නිසා දිනේෂ්ට එම අංශයේ තෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.


මෙම අංශයේ යුගල තරගවලදී පිරිමි යුගල 18 කාණ්ඩයෙන් තරග වැදුණු දිනේෂ්,සිය යුගල සාමාජිකයා වන ජපන් ජාතික ටටේෂී ුරුෆුඅහිරකුෂු සමඟ එක්ව සූරතාවය දිනා ගැනීමට සමත් වුණා.එම රන් පදක්කම සඳහා පැවති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඕස්ට්‍රේලියාව නියෝජනය කළ මිල්සොන් ලුකාස් හේත් සහ කිම් ඉයන් ය.තියුණු තරගයක් වූ එම තරගයේදී දිනේෂ් සහ ඔහුගේ ජපන් සගයා ටටේෂි වට 3-2 ක් ලෙස අවසානයේ ජය අත් කර ගත්තා.


ලකුණු තත්ත්වය වාර්තා වූයේ 5-11,11-7,13-11,4-11 සහ 11-4 ක් ලෙසයි.තායිපේ හී චීන සංස්කෘතික සරසවියේ දී පැවති මෙම තරගාවලියට විවිධ ආබාධ සහිත මේස පන්දු ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක්,විවිධ රටවල් නියෝජනය කරමින් එක්ව සිටියා.මැයි 29 සිට ජූනි 1 දා දක්වා දින හතරක් පුරා පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක සහ ලෝකඩ පදක්කමක අභිමානය එකතු කළ දිනේෂ් අද රාත්‍රී 11.00 ට පමණ ඒ ගෞරවණීය ජයග්‍රහණත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...