තමන්ට ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් නොමැති බව හිටපු හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
“මට ක්‍රියාකාරී දේශපාලනයට එන්න කිසිම අදහසක් නෑ. දේශපාලන වේදිකාවකට ගොඩවීමට හෝ කිසිම අදහසක් නෑ. නමුත් රට වෙනුවෙන් යම්කිසි වගකීමක් භාරදෙනවා නම් රට වෙනුවෙන් ඒක ඉටුකරන්න මම ඕනෑම වෙලාවක සූදානම්. මගේ මූලික පරමාර්ථය මා එක්ක සටන් කරපු, එහෙම සටන් වැදිලා ආබාධිත බවට පත්වුණු රණවිරුවන්ගේ සුබසාධනයයි.
මම එදා ඉඳලාම කියපු දෙයක් තමයි, අපි සටන් කළේ කිසිදු ජාතියකට එරෙහිව නෙවෙයි ත්රස්තවාදයට එරෙහිව කියන එක. එහෙම සටන් කරපු අපට අදටත් ඇතැම් බටහිර රටවල් විසින් ඉතාම ශෝචනීය ආකාරයටයි සලකන්නේ. ඔවුන් එහෙම කරන්නේ කිසිම වාර්තාවක් පදනම් කරගෙනත් නෙවෙයි. ඒ නිසා මම නැවත නැවතත් කියන්නේ අපි සටන් කළේ ත්රස්තවාදයට එරෙහිව මිස කිසිසේත්ම දෙමළ ජනතාවට එරෙහිව නෙවෙයි”
මේ වනවිට චීනයේ පැවැත්වෙන ආරක්ෂක සමුළුවකට සහභාගී වෙමින් සිටින ඒ මහතා එහි සිට ලංකා නිව්ස් වෙබ් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පැවසීය.


