සජබ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවි සමුළුවට විශාල ජන සහභාගීත්වයක් (PHOTOS)

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවි සමුළුව සහ ගොවිජන ප්‍රකාශය එළිදැක්වීම ඊයේ (02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ, කන්තලේ නගරයේදී ය.

මෙහිදී මෙහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වන අයුරු දැකගත හැකිවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සමුළුව අමතමින් පැවසුවේ කූඨ ව්‍යාපාරිකයින්ගේ බොල් ණය කපා හැරීමට වෙනුවට සජබ රජයක් යටතේ ගොවි ජනතාවගේ වගා ණය කපා හැරීමට කටයුතු කරන බවයි.

මෙම සමුළුවට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...