කණ්ඩායමට මැක්සිමම් දෙන ‘මැක්ස්‘ එක්දින පිටියෙන් බැස යයි

නිශ්මං රණසිංහ ජුනි 03, කොළඹ LNW:

පිට්ටනියෙදි ඔස්ට්‍රේලියානු නොවන ප්‍රේක්ෂයන්ට පේන්නම බැරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් තමයි ග්ලේන් මැක්ස්වෙල්.ඒ ඔහුගේ දක්ෂතාවයන් නිසයි.දිනන්න බැරි මැච් ඔහුගේ පිත්තෙන් දිනා දෙනවා වගේම,වෙන කණ්ඩායමක් පහුසවෙන් ජය ගමන යන මොහොතක සිය පිට දඟ පන්දුවෙන් ඒ ගමණට බාධා කරලා ජයග්‍රහණය තමන්ගෙ පැත්තට ඇඳ ගන්නත් මැක්ස්වෙල් දක්ෂයෙක්.
තමන්ගෙ රට පරදින්න තියෙන අකමැත්ත නිසා මැක්ස්වෙල්ට අකමැති වුණත් ඔහු විශිෂ්ඨයෙක් බව ලෝකයම පිළිගන්නවා. ඒ නිසා තමන්ගෙ රට නොවන වෙනත් රටක් සමඟ ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරද්දි හැමෝම මැක්ස්වෙල් සෙල්ලම් කරනවා බලන්න ආසයි.
මැක්ස්වෙල් කේන්තිකාරයෙකු වගේ පෙණුනට ඔහු වඩාත්ම කරන්නෙ අනෙකාව කේන්ති ගැස්සීමයි.ඔහුගේ මානසික ඒකාග්‍රතාවය බිඳීමයි.සටන්කාමී මැක්ස්වෙල් තනියෙන් කණ්ඩායමක් ජයග්‍රහණයක් කරා රැඟෙන යා හැකි පිතිකරුවෙක් බව ඔප්පු කළ අවස්ථා සුලබයි.ඒ නිසාම කවුරුත් මැක්ස්වෙල් ක්‍රීඩා කරන දිහා බලාගෙන ඉන්න, තමන්ගෙ රටට විරුද්ධ නිසා අකමැති වුණත් ක්‍රිකට්වලට තියෙන ආසාව නිසා බැන බැන හරි බලාගෙන ඉන්න ආසයි.


ඔහු සටන්කාමී තමයි.ඔහුගේ සටන් ජයග්‍රහණයෙන් නිමාවට පත්වන අවස්ථාවන් වැඩි ඔහු ඉවසීමෙන් සටන් කරන නිසයි.ඒ නිසා ඔහු 2026 විස්සයි විස්ස තරගාවලිය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් උපරිමය ලබා දීම සඳහා එක්දින තරගයකට ඔහුගේ සිරුර නොගැපෙන ලක්ෂණ පෙන්නමින් සිටින බව දැනෙන නිසාත් 2027 එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට ඊට ගැලපෙන විකල්පයක් සොයා ගැනීමට මැක්ස්වෙල් ඉවත් වන්නට තීරණය කර තිබෙනවා.ඔහු තේරීම් කමිටු සභාපති ජොර්ජ් බේලි සමඟ සිය සමුගැන්ම ගැන කළ සාකච්ඡාවේදි පවසො තිබෙන වචන ඔහු ඔස්ට්‍රේලියාව බිහි කළ දක්ෂ ක්‍රීඩකයෙකු පමණක් නොව ඔස්ට්‍රේලියාව සතු විශිෂ්ඨ පුරවැසියෙක් බව ද සනාත තරනවා.


“අපි 2027 [ඕවර 50] ලෝක කුසලානය ගැන කතා කළා, මම ඔහුට කිව්වා, ‘මම හිතන්නේ නැහැ මම ඒක කරයි කියලා, මගේ ස්ථානයේ සිටින අයට එය හදාගෙන ඔවුන්ගේම ස්ථානයක් හදා ගැනීමට සැලසුම් කිරීම ආරම්භ කිරීමට කාලයයි,'” ඔහු පැවසීය. "මට තරඟාවලි කිහිපයක් අල්ලාගෙන ආත්මාර්ථකාමී හේතූන් මත පාහේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැහැ."

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...