රිෂාඩ් බදූර්දීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ….

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 05 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් අද (03) නියම කළේය.

විල්පත්තු, කල්ලාරු ප්‍රදේශයේ නැවත පදිංචිකිරීම් සඳහා කැලෑ හෙළිපෙහෙළි කරන ලද ප්‍රදේශවල යළි ගස් සිටුවීමට නියම කරමින් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර ඇති තීන්දුව අවලංගු කරන ලෙස රිෂාඩ් බදූර්දීන් මහතා මෙම පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර එහිදී ලබන සැප්තැම්බර් 05 වනදා පෙත්සම යළි කැඳවීමට නියෝග කෙරිණි. එමෙන්ම අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම අභියාචනය බාධාවක් නොවන බවත් විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...