Pyramid Wilmar ඉදිරි වසර පහක් තුළ සිය පිරිවැටුම දෙගුණ කිරීමට ඉලක්ක කරයි!

සටහන – ඉංග්‍රීසි ලිපිය ඇසුරෙන් පරිවර්තනය කරන ලද්දේ පුලී.

ජූනි 03, LNW (කොළඹ): දශක දෙකක පුරෝගාමී සාර්ථකත්වය සමරමින්, ආහාර කර්මාන්තයේ විශේෂඥයෙකු වන පිරමිඩ් විල්මාර්(Pyramid Wilmar), ඉදිරි වසර පහ තුළ B2B (Business-to-Business – ව්‍යාපාරික ආයතනයකින් ව්‍යාපාරික ආයතනයකට) සහ පාරිභෝගික යන අංශ දෙකෙහිම නවෝත්පාදනයන් සහ වටිනාකම් පිරිනැමීම් සමඟින් එහි ඉහළම රේඛාව දෙගුණ කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

දේශීය තෙල් මෝල් සමාගමක් වන පිරමිඩ් ඔයිල් මිල්ස්, 2004 වසරේදී, සිංගප්පූරුවේ මූලස්ථානය කරගත් ආසියාවේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාර සමූහයක් වන විල්මාර් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට විය. 

රටවල් 50කට අධික සංඛ්‍යාවක නිෂ්පාදන කම්හල් 1000කට අධික සංඛ්‍යාවක් එහි පිහිටා තිබුණු අතර ඉන් විල්මාර් පාම් සහ ලෝරික් තෙල් සැකසීමේ සහ වෙළඳාම් කිරීමේ ගෝලීය ප්‍රමුඛයා වන අතර පිටි සහ සහල් ඇඹරීමේ වෙළඳපොළට ද ඔවුන් නායකත්වය සපයයි. එය ලොව ඉහළම අමු සීනි නිෂ්පාදකයින් සහ වෙළඳුන් 10 දෙනා අතර ද වේ.

ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඉන්දියානු වෙළඳපොළ සඳහා වනස්පති ගිතෙල් සමඟ ව්‍යාපාරය සිය පළමු නිෂ්පාදනය ආරම්භ කරන ලදී.

2005 වසරේදී, සමාගම “මාස්ටර්ලයින්(Masterline)” සන්නාමය යටතේ යුනිලීවර් වෙතින් මේද සහ මාගරින් ව්‍යාපාරය අත්පත් කර ගනිමින් ප්‍රධාන පියවරක් තැබීය. මෙම අත්පත් කර ගැනීම මඟින් සමාගමේ නිෂ්පාදන කළඹ සහ B2B අංශයේ වෙළඳපල පැවැත්ම සැලකිය යුතු ලෙස ශක්තිමත් විය. පසුව ඔවුන් “ෆෝචූන්(Fortune)” යටතේ ඔවුන්ගේ ආහාරයට ගත හැකි තෙල් පාරිභෝගික ඇසුරුම් සන්නාමය දියත් කළහ.

පිරමිඩ් විල්මා හි ප්‍රධාන ව්‍යාපාරය අද වන විට B2B, පාරිභෝගික, ආයතනික සහ HoReCa අංශ සඳහා ආහාර සපයන රටේ විශාලතම ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගමක් බවට පත්ව ඇත.

අද වන විට පිරමිඩ් විල්මාර් වැවිලි (වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී), කිරි නිෂ්පාදන (වටවල කිරි) සහ ආගන්තුක සත්කාර සහ දේපළ වෙළඳාම් (කොළඹ සහ හම්බන්තොට ෂැන්ග්‍රි ලා හෝටල්) යන ක්ෂේත්‍රවල විවිධාංගීකරණයන් සමඟින් සිය පැවැත්ම සහතික කර තිබේ.

පුද්ගලයන් 4,000 ක් පමණ සේවයේ යොදවා ඇති මෙම සමූහය මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 1 කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇති අතර එහි පිරිවැටුම ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් පමණ වේ.

“2010 දී ෂැන්ග්‍රි-ලා සමාගම ශ්‍රී ලංකාවට ගෙන ඒම, පශ්චාත් යුධ ශ්‍රී ලංකාව තුළ රටට විශාලතම ආයෝජක විශ්වාසය ලබා දුන් ප්‍රධාන සන්ධිස්ථානයක් විය,” යනුවෙන් පිරමිඩ් විල්මාර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සජාඩ් මව්සූන් මේ වටිනා අවස්ථාවේදී සිහිපත් කිරීමට අමතක නොකළේය.

2010 දී පිරමිඩ් විල්මාර් සමාගම මාගරින් නිෂ්පාදන අංශය සඳහා පහසුකමක් ස්ථාපිත කර මාස්ටර්ලයින් සන්නාමය යටතේ ගෘහස්ථ නිෂ්පාදනයන් ආරම්භ කළ බව පිරමිඩ් විල්මාර් අධ්‍යක්ෂ/සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තන්වීර් සිද්දික් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මවුසූන් වැඩිදුරටත් පැවසීය.

මෑතකදී සුපර්බ්‍රෑන්ඩ් තත්ත්වය පිරිනමන ලද ‘ෆෝචූන්(Fortune)’ සන්නාමය, 2011 දී දියත් කරන ලද්දේ අභ්‍යන්තර ආහාරයට ගත හැකි තෙල් ඇසුරුම් මෙහෙයුම් ආරම්භ කිරීමට සමගාමීවය.

වර්තමානයේ පිරමිඩ් විල්මාර් හි ප්‍රධාන ව්‍යාපාර වන්නේ ආහාරයට ගත හැකි තෙල්, මේද සහ සීනි ආනයනය සහ වෙළඳාමයි. මේවාට අමතරව පිරිවැටුම දෙගුණ කිරීමේ කොටසක් ලෙස පිරමිඩ් විල්මාර් තවත් විශාල පාරිභෝගික අයිතම කිහිපයක් ගවේෂණය කිරීමට මැලි නොවීය. මේ දක්වා ඔවුන්ගේ සිය වර්ධනයට හේතු වී ඇත්තේ වෙළඳපල කොටස වැඩිවීම සහ නිෂ්පාදන විභේදනය වැඩි වීම නිසා වැඩි ඉල්ලුමක් ඇති වී ඇති බැවිනි. 

හෝටල්, අවන්හල් සහ ආහාර සපයන (HORECA) අංශ සඳහා පමණක්ම ගැලපෙන නිෂ්පාදන කිහිපයක් දියත් කිරීමට අපි උත්සාහ කරමු, ”යනුවෙන් අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තන්වීර් සිද්දික් වැඩිදුරටත් පැවසීය.

2017 දී පිරමිඩ් විල්මාර් විසින් MeadowLea මේද ස්ප්‍රෙඩ් දියත් කරන ලද අතර, මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලදී. “මෙය ආඩම්බර විය යුතු මොහොතක් වූයේ මන්ද එහි උපන් ස්ථානය වන ඕස්ට්‍රේලියාව හැරුණු විට මෙම වෙළඳ නාමය නිෂ්පාදනය කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට පත්වීමයි,” මවුසූන් පැවසීය.

2019 දී ෆෝචූන් සන්නාමය ටෙක්ස්චරීකරණය කළ සෝයා ප්‍රෝටීන් සිල්ලර නිෂ්පාදන පරාසය සහ 2023 දී ෆෝචූන් සන්නාමය යටතේ අයිසිං සීනි නිෂ්පාදනය ඇතුළත් කිරීම දක්වා ෆෝචූන් සන්නාමය පුළුල් කරන ලදී. පිරමිඩ් විල්මාර් හි නවතම වෙළඳ නාම කළඹට එකතු වූයේ 2023 දී පරිණාමය වන පාරිභෝගික මනාපයන් සපුරාලීම සඳහා සංවර්ධනය කරන ලද සෞඛ්‍ය සම්පන්න මේද ස්ප්‍රෙඩ් සන්නාමයක් වන ෆොන්ඩ්‍රේ ය.

2024 දී පිරමිඩ් විල්මාර් විසින් ටෙක්ස්චරීකරණය කළ සෝයා ප්‍රෝටීන් අභ්‍යන්තරව නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලද අතර මෙම ආයෝජනය නිෂ්පාදන ස්වයංපෝෂිතභාවය සහ පිරිවැය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සමත්කම් දැක්වීය.

එතැනින් නොනැවතුණු මේ ගමන, ලෝක මට්ටමේ නැවුම් නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීමෙන් බේකරි අංශය සවිබල ගැන්වීම දක්වා සිය අඩිතාලම සකසා ගන්නට විය. “ඔබ වටා ඇති සමස්ත කර්මාන්තයම නඟා සිටුවීමට ඔබට සිදුවන බව අපි විශ්වාස කරමු,” බේකරි පාසල දියත් කිරීම ගැන සඳහන් කරමින් පිරමිඩ් විල්මාර් හි නායකත්වය මෙසේ පැවසීය. බේකරිකරුගේ විශේෂඥතාව, දැනුම සහ තාක්ෂණය වැඩි දියුණු කිරීමේ කොටසක් ලෙස සමාගම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරන බව ද හෙතෙම පැවසීය.

එපමණක් නොව දේශීය නිෂ්පාදන සහ දේශීය අගය එකතු කිරීමේ අංශ වර්ධනය වීමත් සමඟ, රජය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙම ක්‍රියාවලිය වඩාත් පහසු කරනු ඇතැයි පිරමිඩ් විල්මාර් උනන්දුවක් දක්වයි.

තරඟකාරී ආනයන සහ පාරිභෝගික හැඟීම්වල උච්චාවචනයන් මධ්‍යයේ ආහාර කර්මාන්තය මිල-සංවේදී, ප්‍රතිපත්ති-සංවේදී බැවින්, දේශීය නිෂ්පාදනය හෝ අගය එකතු කිරීම වැඩි දියුණු කිරීම කෙරෙහි ආහාර කර්මාන්තය අවධානය යොමු කරන්නේ නම්, එවැනි දිගුකාලීන ඉදිරිදර්ශනයක් සහ සහයෝගයක් ඉතා වැදගත් වනු ඇත.

පිරමිඩ් විල්මාර් සමාගම අක්කර 10 ක භූමි ප්‍රමාණයක සිය දේශීය නිෂ්පාදන සහ අගය එකතු කිරීමේ මෙහෙයුම් පිහිටුවීම සහ පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 50 කට වඩා ආයෝජනය කර ඇත. තවද, නවීකරණය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව වැඩි දියුණු කිරීමේ මුලපිරීම් ද සිදුවෙමින් පවතී. සිංගප්පූරු ඒකාබද්ධ ව්‍යාපාර හවුල්කරු විල්මා‍ර්ගේ විශේෂඥතාව සහ අත්දැකීම් දේශීය නිෂ්පාදන මෙහෙයුම් සඳහා මනාව උපකාරී වී තිබෙන කරුණක්ව හමාරය.

සිය වසර 20ක ගමන නිමා කරමින්, පිරමිඩ් විල්මාර් 2025 දී ‘චෙෆ්ස්හන්ට්’ දියත් කළ අතර එය රට පුරා තරුණ සූපශාස්ත්‍ර කුසලතා හඳුනා ගැනීම, පෝෂණය කිරීම සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් ආයතනික සමාජ වගකීම් වැඩසටහනකි.

දශක දෙකක මෙහෙයුම් පිළිබඳව පිරමිඩ් විල්මාර් සමාගම, පසුගිය වසර 20 තුළ ශ්‍රී ලංකාව අත්විඳින ලද බොහෝ ආර්ථික හා සමාජීය අභියෝගවල පසුබිමක, ඔරොත්තු දීමේ හැකියාව, අනුවර්තනය වීමේ හැකියාව සහ ස්ථාවර ප්‍රගතිය මගින් අත්පත් කරගත් සාඩම්බරත්වය ඔවුන්ගේ මේ දක්වා පැවැත්මට තිබුණු ඍජු අඩිතාලමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...