දරිද්‍රතා රේඛාවේ අලුත්ම තත්ත්වය මෙන්න – පස් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක අවම වියදම 85,000යි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මාසයට අදාළව නිකුත් කර ඇති දත්ත අනුව පස් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් සදහා අවම වශයෙන් රු 85,000 ඉක්මවූ මුදලක් අවශ්‍ය බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඒ අනුව පස් දෙනෙකුගෙන් යුත් පවුලකට දුප්පත්කමට නොවැටී ජීවත් වීම වෙනුවෙන් මාසයකට අවම රු 85000ක් අවශ්‍ය බවයි මහාචාර්යවරයා පවසනේ.

2026 අප්‍රේල් මාසයට අදාළව ඉදිරිපත් කර තිබෙන ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දරිද්‍රතා රේඛාවේ සාමාන්‍ය අගය රු 17117ක් ලෙස වාර්තා කර තිබේ.

ඒ අනුව යම් පුද්ගලයෙකුට දුප්පත්කමට නොවැටී ජීවත් වීම සඳහා අවම වශයෙන් එම අවශ්‍ය මුදල අවශ්‍ය වෙයි.

කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල රු.18000ක මට්ටමක එම අගය පවතින අතර මොණරාගල දිස්ත්‍රික්කය තුළ රු.16000 වැනි මට්ටමක තිබෙන බවයි දුනුසිංහ මහතා සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය අනුව මාර්තු මාසය සමඟ සැසදීමේදී අතිරේකව රු. 2000ක පමණ වැඩි වීමක් පවතින අතර ඊට භාණ්ඩ මිල ඉහළ යාම බලපා තිබේ.

කෙසේවෙතත් මෙම තත්ත්වය පිළිබඳව ගැඹුරින් සලකා බැලීමට සිදුව තිබෙන බව මහාචාර්යවරයා තවදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...