හොරණ මහජන බැංකුවේ රුපියල් කෝටි තුන හමාරක මුදලක් කිසිවෙකු විසින් කොල්ලකා ඇති බව පොලීසිය පවසයි.
ATM යන්ත්‍රවලට යෙදීමට රැගෙන යාම සඳහා සූදානම් කර තිබුණු මෙම මුදල රැගත් මළු දෙකක් බැංකුවේ සේවකයකු විසින් බැංකුවේ පසුපස දොරින් රැගෙන එන අවස්ථාවේදී පුද්ගලයකු පැමිණ මෙම මළු දෙක උදුරාගෙන පළාගොස් ඇති බව සඳහන්.
සිද්ධිය සිදුව ඇත්තේ අද (03) පස්වරු 02.55 ට පමණ ය.
මුදල් කොල්ලකෑ කොල්ලකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


