QR ජාවාරමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  තමාගේ නොවන වෙනත් පුද්ගලයින්ගේ QR කේත ලබාගෙන ඉන්ධන ලබාගැනීමේ ජවාරමක් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ  පවසන්නේ .

එම නීතිවිරෝධී ක්‍රියාව සිදුකිරීමට සහාය නොවන ලෙස ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලා සිටින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා සඳහන් කළේ .

මේ අතර අද (03) දිනයේ මෙන්ම ඉරිදා දිනයේ ද ඉන්ධන බෙදාහැරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත බලධාරීන් වෙත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදී තිබේ.

අතිකාල ගෙවීම් සීමා කිරීමේ තීරණයත් සමග ගතවූ මාස 04 තුළ ඉරිදා දිනවල සහ රජයේ නිවාඩු දිනවල ඉන්ධන නිකුත් කිරීම සිදුකර තිබූ අතර , ඉන්ධනහල් ආශ්‍රිතව නිර්මාණය වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම ඉන්ධනහල් වෙත හිඟයකින් තොරව ප්‍රමාණවත් ඉන්ධන තොග සැපයීම සඳහා අද සහ හෙට යන දෙදින තුළ ද ඉන්ධන බෙදාහැරීම් සිදුකරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ .

කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ , මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඉන්ධනහල් විසින් ඉන්ධන ඇණවුම් සිදුනොකිරීම, අවම තොග පවත්වාගෙන නොයෑම, මිල සංශෝධනයත් සමඟ ඉන්ධන සඳහා ඉල්ලුම ඉහළ යාම හා ඉන්ධන කෝටාව ඉහළ දැමීම යන කරුණු හේතුවෙන් ඉන්ධනහල් ආශ්‍රිත ඉන්ධන හිඟයක් නිර්මාණය වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...