*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අපිට හොඳ පහසුකම් ලැබෙනවා – සුසන්ත ප්‍රනාන්දු කොරියාවේ සිට

හෙට ඇරඹෙන 20 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට යෙචෝන් නගරය සූදානම් වෙමින් සිටින මොහොතයි.වර්ග සැතපුම් 661 ක් පුරා විහිදි මෙම ප්‍රදේශය අයත් වන්නේ දකුණු කොරියාවේ උතරු ගෙයොන්සෑනග් පළාතට වන අතර යෙචෝන් හී 2001 දී කරන ලද සංගණනයකට අනුව එහි සිට ඇත්තේ 50000 ඉක්මවා යන පිරිසක් පමණක් බැවින් දැනටද අධික තද බදයක් ඇති තැනක් හැටියට මේ ප්‍රදේශය ගත නොහැකියි.


එහෙත් හෙට ඇරඹෙන තරගාවලිය වෙනුවෙන් ආසියාවේ රට වල අනාගත මලල ක්‍රීඩා බලාපොරොත්තු යෙචොන් වෙත පැමිණ සිටින අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩකයින් සිව් දෙනෙක් සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් එක් වි සිටිති.ක්‍රීඩා අමාත්‍යංශය මෙම කණ්ඩායම වෙනුවෙන් සිය පෞද්ගලික ධනය වැය කරමින් නිල ඇදුමට පවා දායකව නිර්මාණය කර දුන් මලල ක්‍රීඩා සංගමය කණ්ඩායම් කළමණාකරු ලෙස නම් කර සිටිය උප සභාපති ඉන්දික ප්‍රසන්නට ක්‍රීඩා අමාත්‍යංශය හරසු කැපූ නිසා මේ වන විට පුහුණුකරු තනතුරට මෙන්ම කළමණාකරු තනතුරටත් උර දෙන්නට සිදු වී ඇත්තේ සුසන්ත ප්‍රනාන්දුට යි.


ඔහු පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මානසික මට්ටමක සිටින බවයි.එසේම ස්පෝර්ට්ම් හොටෙල් ලෙස හැඳින්වෙන ප්‍රධාන නැවතුම් මධ්‍යස්ථානයේම තම කණ්ඩායමට පහසුකම් ලැබී ඇති බවත් ඔහු පවසනවා.නියමාකාරයෙන් අවශ්‍යය පහසුකම් ලැබෙන බව පවසන සුසන්ත පෙර පුහුණු කටයුතු සඳහා ඇති ධාවන පථ දෙකම පවතින්නේ ගෘහස්ථ මට්ටමේ බව පෙන්වා දෙනවා.
ධාවන පථයේ තත්ත්වය මෙන්ම පෙර පුහුණුවට ඇති ධාවන පථ ද හොඳ මට්ටහක තිබෙන නිසා කණ්ඩායමෙන් හොඳ දක්ෂතා අපේක්ෂා කළ හැකි බව ඔහුගේ විශ්වාසයයි.
“තරුෂි හැරෙන්න අනිත් සියලුම දෙනා මුහුණ දෙන්නෙ තමන්ගෙ පළමු අන්තර්ජාතික තරගාවලියට.ඒ නිසා අපි හැම වෙලේම දරුවන්ගෙ හිත හයියට තියන්න කතා කරනවා.“
තමන් සමඟ සිටින ජානක වසන්ත කුමාර මෙන්ම නිමල්කා රණවීර ගැන ද සඳහන් කරමින් සුසන්ත පවසනවා.


තරුෂිගේ ඉසව් දෙකම යම් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් මට්ටමේ ඉසව් බව පැවසූ සුසන්ත තරග කාල සටහන යෙදී ඇති ආකාරයෙන් යම් අපහසු තත්ත්වයකට මුහුණ දීමට විය හැකි නිසා තමන් ඒ ගැන තාක්ෂණික කමිටු රැස්වීමේදී නිලධාරීන්ට දැණුම් දුන් බවත් සුබවාදී පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින බවත් පැවසීය.
“කටාර් සහ ජපානය වැනි රටවල විශාල පිරිසක් මේ තරගාවලියට සහභාගි වෙනවා.මේක හොඳ අත්දැකීමක් ඉගෙන ගන්න.ඒ අත්දැකීමම ජයග්‍රහණයක්.ක්‍රීඩකයෙක්ට ජයග්‍රහණය සඳහා විශාල වශයෙන් අවශ්‍යය වන්නේ තරග අත්දැකීම්.“
සුසන්ත මේ තරගාවලිය හරහා ක්‍රිඩකයන්ගේ ජීවිතයට එකතු වන්නට නියමිත අනාගතයට පලදායී අත්දැකීම් ගැන සිහි කරමින් පැවසීය.නිරන්තරයෙන්ම කණ්ඩායමක් හැටියට රැස් කරමින්,සියලු දෙනාට ජයග්‍රහණය කළ හැකිය යන්න පිළිබඳව කතා කරන බවත්,සුසන්ත පෙන්වා දුන්නේය.
“තරගාවලියේදී දියුණු තරගකාරීත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා තමන්ගේ හොඳම දක්ෂතාවය පෙන්නන්න ඉඩ තියෙනවා.එහෙම වෙනවා කියන්නෙ පදක්කමක් වෙන්න තියෙන ඉඩ වැඩියි“


සුසන්ත සිය කණ්ඩායම ගැන ධනාත්මකව සිතයි.අපිද ශ්‍රී ලංකාවේ මලල කීඩාවේ ඊ ළඟ පියවර දෙස සුබවාදීව බලා සිටිමු.සුබ පතමු.
තරගාවලියට කොරියාව සූදානම් වන ආකාරයේ ඡායාරූප කිහිපයක් මේ සමඟ දැක්වෙනවා.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan