බිල්ගේට්ස් පදනමෙන් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීමට සහය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා  ඉදිරිපත්ව ඇති බවත් , ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇති  බවයි සඳහන් වන්නේ.

කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර , මෙරට කෘෂිකර්මාන්තය කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක්  මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන බව සඳහන්.

කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම  සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි  මූලික අරමුණ වන අතර , බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමෙි නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ මුණ ගැසුණු අවස්ථාවේ මෙම ව්‍යාපෘතියට එකඟතාවය පළ කර ඇත.

නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දත්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් අවශ්‍ය මඟ⁣ පෙන්වීම ලබා දෙන බව ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී සඳහන් වී ඇත.

මීට අමතරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඩිජිටල්කරණය කිරීමට ද බිල් ගේට්ස් පදනම ඉදිරිපත්ව සිටියි. ඊට අමතරව රටෙි මූල්‍ය පද්ධතිය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධ අංශය ද මෙම මෘදුකාංගය ඔස්සේ ඩිජිටල්කරණයට ලක් කරනු ඇති බවයි පැවසෙන්නේ .

එසේම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට ද මෙමගින් සහාය හිමිවනු ඇතැයි මූලික සාකච්ඡාවේ දී අනාවරණය විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...