මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ චීනය!

කොළඹ LNW:චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය අද (04) උදෑසන ස‍ඳෙහි ඈත ප්‍රදේශයේ සිට එකතු කළ සාම්පල රැගෙන සඳ මතුපිටින් ඉහළට පැමිණ තිබෙනවා.

මෙය මානව චන්ද්‍ර ගවේෂණඉතිහාසයේ පෙර නොවූ විරූ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ මොහාතක්. සාම්පල එකතු කිරීම අවසන් වූ පසු, චීන ජාතික ධජයක් ප්‍රථම වරට සඳෙහි ඈත ප්‍රදේශයේ සවි කිරීම ද විශේෂත්වයක්.

අදාළ යානය සිය මෙහෙයුම සාර්ථකව අවසන් කර පෙර සැකසූ කක්ෂයකට ඇතුළු වූ බව චීනජාතික අභ්‍යවකාශ පරිපාලනය(CNSA) තහවුරු කළා.

ගගනගාමීන් කාර්යක්ෂමව සිය නියැදීමේ කාර්යය අවසන් කර, සැලසුම් කළ පරිදි අදාළ සාම්පල නියමිත පරිදි ගබඩා කර ඇති බව ද වාර්තා වනවා. මෙහිදී නියැදීමේ කාර්යය‍ට ක්‍රම දෙකක් අනුගමනය කර ඇති අතර, එනම් විදුම් යන්ත්‍රයක් මගින් සහ රොබෝ යන්ත්‍රයක් මගින් මතුපිට සාම්පල එකතු කර තිබෙනවා.

චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයේ දී ඇති විය හැකි අභියෝගවලට මුහුණ දීමට හැකි පරිදි ප්‍රධාන ගවේෂණ කටයුතු සිදු කළ Chang’e-6 යානයේ පාලන පද්ධතිය වැඩිදියුණු කර ඇති බව චීන අභ්‍යවකාශ විද්‍යාව සහ තාක්ෂණ මණ්ඩලයේ අභ්‍යවකාශ විශේෂඥයෙකු වන Qiao Dezhi මහතා ද පැවසුවා. මෙය මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ සිදු කළ සාර්ථකම අභ්‍යවකාශ ගවේෂණයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: ලෝක දේශපාලනයේ කැපීපෙනෙන...

මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති

තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...

ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...