21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය පාවිච්චි කරයිද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ඔවුන්ගෙන් බවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ප්රශ්නය – ඇමතිතුමා නඩු තින්දුව ගැන මොකද හිතෙන්නෙ ?
“සාධාරණය ඉෂ්ඨ වුණා කියලා”
ප්රශ්නය – දිගින් දිගටම ඔබතුමාට බලපෑම් තියෙනවා 21න්. මොකද වෙන්නෙ ඉස්සරහට ?
“බලමු ඉතින් …. බලමු”
ප්රශ්නය – කොහොමද, ඔබතුමාලාගෙ කට්ටිය ඡන්දය දෙන්න සූදානම්ද ?
“දන්නෑ ඉතින් … ඒක ඒ කට්ටියගෙන් අහන්න ඕනෙ”
ප්රශ්නය – අපට පේන්නෙ මේ 21 ගේන්නෙ ඔබතුමාට වගේ. ඇයි ඔබතුමාට මෙහෙම කරන්නෙ ?
“මෙහෙමයි ඉතින්, ඵල ඇති රුකටනේ ගල් ගහන්නෙ”
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මල්වානේ නිවස සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ ඊයේ (03) දිනයේදී ගම්පහ මහාධිකරණයට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
RN