කෝපි වගාවටත් රක්ෂණයක් එයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් එම රක්ෂණය හදුන්වා දීමට නියමිතයි.

කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබා ගත යුතු හෙයින් එම නිර්දේශයන්ට අනුව සිදුකරන වගාවන් සඳහා උක්ත රක්ෂණය ලබා දීමට තීරණය කර ඇත.

කෝපි පැල සිටුවීමෙන් පසු පළමු වර්ෂ 03 සඳහා ඒ ඒ වර්ෂ වලට අදාළව රක්ෂිත මුදලින් 7%ක වාර මුදලක් යටතේ රක්ෂණාවරණය නිකුත් කරන අතර ඒ අනුව පළමු වර්ෂය සඳහා රු.510,000ක් දෙවන වර්ෂය සඳහා රු.660,000ක් තුන්වන වර්ෂය සඳහා රු.840,000ක් වශයෙන් රක්ෂණාවරණය ලබා දීම සිදුවෙයි.

කෝපි වගාකිරිමේදී මුහුණ දීමට සිදුවන නියගය, ගංවතුර ,වන අලි හානි, පාලනය කළ නොහැකි ශාක රෝග,පාලනය කළ නොහැකි කෘමි උවදුරු හා වෙනත් සත්ව හානි මෙමගින් ආවරණය කරනු ලබයි.

එම එක් එක් ආවරණයක් සඳහා රක්ෂිත මුදලින් 0.5%ක අමතර වාරිකයක් යටතේ හදිසි ගිනි ගැනීම්,නාය යං වැනි අමතර ආවරණය ලබා ගැනීමටද කෝපි වගාකරුවන්ට අවස්ථාව සලසා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...