කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කැඩූ හිටපු නගරාධිපතිට තවත් චෝදනාවක් – අල්ලස් කොමිසමෙන් විමර්ශන

Date:

කොළඹ LNW:කුරුණෑගල මහ නගර සභාව සතු කඩ කාමර වංචා සහගතව බදු දීමේ සිද්ධියකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, උක්ත සිදුවීම සම්බන්ධයෙන් එම කොමිසමට ලද පැමිණිල්ලක් අනුවයි. කුරුණෑගල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන නාලක දසනායක මහතා විසින් එම පැමිණිල්ල සිදුකොට තිබේ.

එම පැමිණිල්ලට අනුව කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා,හිටපු නාගරික මන්ත්‍රීවරු,මහ නගර සභාවේ සේවකයින්,කොන්ත්‍රාත්කරුවන් හා හිතවතුන අතර අවිධිමත්ව වංචා සහගත ලෙස ලෙස කඩ කාමර බදු දීම හේතුවෙන් ”දුෂණය” නමැති වරද සිදුකර ඇති බවටයි පැමිණිල්ලේ දක්වා ඇත්තේ.

ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ විමර්ශනය සිදුකරනු ඇති.

මේ අතර 2020 වසරේදී කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු චෝදනා ලබා වරදකරුවන් ද විය.

එමෙන්ම ඔහුට එල්ල වුණු චෝදනා කීපයක් සැලකිල්ලට ගෙන 2024 වසරේ සිට 2032 වසර දක්වා වසර 7ක කාලයක් කිසිදු මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

සබැඳි පුවත

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ වන විට සිරිමා...

ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීන රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ...

ජනධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත්කර ගැනීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපදයේ...

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...