සජිත් – අනුර විවාදයට සමඟිය බෑ නොකියා බෑ කියයි!

Date:

කොළඹ LNW: සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර අද (06) දිනයට යෝජිත ස්වාධීන රුපාවාහිනී සේවය විකාශන පහසුකම් සපයා ඇති විවාදය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය විසින් ස්වාධීන රුපාවාහිනී සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

නායකයින් අතර විවාදයට පෙර දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය යුතු බවට කොන්දේසියක් පැවති අතර එය නොසලකා හරිමින් ජාතික ජන බලවේගය නායකත්වයන් අතර විවාදයට පමණක් එකඟ වී ඇති බවත් ස්වාධීන රුපාවාහිනී සේවයද කටයුතු කර ඇත්තේ ජාතික ජන බලවේගයේ තීරණය පදනම් කරගෙන බවටයි එම ලිපිය නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ.

මෙම විවාදය පැවැත්වීමේදී සමඟි ජන බලවේගය ලෙස අපේක්ෂා කළේ සියලුම විද්‍යුත් නාලිකා,මුද්‍රිත නාලිකා ඇතුළු සියල්ලන් එකඟවන පොදු ස්ථානයක පැවැත්වීම බවද නලින් බණ්ඩාර මහතා කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...