*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

“රනිල් ෆේල්” – පොහොට්ටුවෙන් කැම්පේන් එකක් !!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක බව පවසමින් “රනිල් ෆේල්” යනුවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වී සති කිහිපයක් ගත වී ඇතත් මේ වනතෙක් ඔහු පොරොන්දු වූ පරිදි ඇමරිකානු ඩොලර් බිලියන ගණනක විදේශ විනිමය මෙරටට ගෙන ඒමට කටයුතු කර නොමැති වීම සහ ජනතාවට තුන්වේල කෑමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා බඩුමිල අඩු කිරීමට ඔහුට නොහැකි වීම යනාදී කරුණු මත පදනම්ව මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කෙරෙනු ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය එකවැර පෙරමුණු දෙකකින් පහරදෙන පරිදි, එනම් පොහොට්ටුවේ පාර්ශ්වයෙන් සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පාර්ශ්වයෙන් යන දෙකෙන්ම ඇරඹෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මීට පෙර සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලදුව අති සාර්ථක වූ “ස’ ෆේල්” ප්‍රචාරණ ව්‍යාපෘතිය හා සමාන වන පරිදි “රනිල් ෆේල්” ප්‍රචාරණ ව්‍යාපෘතියත් සැලසුම් කෙරෙමින් පවතින බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan