රෂිකා හෙන්නායක ජුනි 07, කොළඹ LNW :
හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ මාරක රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
බීමත් රියදුරෙකු පදවා ඇති මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
අනතුර සිදුකිරීමෙන් පසු රියදුරු පළා ගොස් ඇති අතර, පසුව සීසීටීවී දර්ශන ආධාරයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
මියගිය කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 42 සහ 44 යන වයස්වල පසුවන්නන් බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ රියදුරු මත්පැන් පානය කර සිටි බවට හෙළි වී ඇති අතර, හංවැල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.


