*
Monday, May 13, 2024
spot_img

Latest Posts

ඇඳුම මහදුන්න එකාගෙ නම කපපු අමාත්‍යංශයේ මහත්තුරු,රත්තරන් සිපගන්න ඇඳුම් ඇඳගෙන එයිද?

දකුණු කොරියාවේ දි ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරපු ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමට ක්‍රිඩා කේෂ්ත්‍රයේ නිලධාරීන් මේ වන විට හොඳින් ඇඳ පැළද ගෙන සිටින බව දැනගන්නට ඇත.ඒ යන විට අත්සන් කිරිම හිතෙන විදිහට කණ්ඩායමේ නම් ඉවත් කිරීම ආදි කරුණුවලින් පසුව ඔවුන් ක්‍රීඩාවට දක්වන වැදගත්ම දායකත්වය වන්නේ ජයග්‍රාහකයන්ට මල් කළඹ ගෙන ඒමය.කැමරා ඉදිරියේ සිනා සීමය.අඩුම තරමේ කණ්ඩායමක නම් ඉවත් කරන විට ඒවා ඉවත් කළ යුතු සහ නොකළ යුතු කාරණා කියන්නට එහි සිටින නිලධාරීන් සූදානම් නැත.උඩින් පාත්වන ලියුමට අත්සන යොදන කෙනා හෝ අඩුම තරමේ මේ කණ්ඩායමෙන් ඉවත් කර තිබෙන්නේ කවුද එසේ ඉවත් කිරීම සදාචාරසම්පන්න ද යන්නවත් නොබලයි.වැඩේ එන හැටියට අත්සන ගැසීමය.එය අපරාධයක් වුව,සාධාරණයක් වුව අදාළ නොවන්නේය.තනතුර අනුමැතියට අත්සන යෙදීම මිස අත්සන යෙදීමෙන් සිඳු කරන වැඩේ ගැන නොවේය.ජාතික ක්‍රීඩා සභාව ද මේවාට උපදෙස් දෙන්න ඉන්නා පිරිසක් වුව,එහි ඇතැම් අයට ද ඇත්තේ තමන්ට අදාළ පෞද්ගලික ඇරියස් පියවා ගැනීම මිස සමස්ත ක්‍රීඩාවට නොව තමන් ක්‍රීඩා කරපු ක්‍රිඩාවකට හෝ සාධාරණයක් කිරිම හෝ ඒ වෙනුවෙන් කරුණු දැක්වීම නොවේය.
මේ සියල්ල සටහන් කරන්නට හේතු වූයේ කොරියාවේ සිට පැමිණෙන අට දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ හය දෙනෙකුම පදක්කම්ලාභීන් වීම නිසා ඇතැම් අය මේ මොහොතේ මල් කළඹ ඇණවුම් කිරීමේ උනන්දුවෙන් කටයුුතු කරන්නට වී ඇති බව දැණුන නිසාය.මෙවැනි අවස්ථාවන් හරියට ඔවුන්ගේ ඉහේ මල් පිපෙන ගානය.
නමුත් ඔවුන් මල් පළදවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇඳගෙන එන ටීෂර්ට් එක මසා පරිත්‍යාග කරමින් මේ සංචාරය වෙනුවෙන් පෞද්ගලිකව සිය ධනයෙන් සහභාගි වන්නට සූදානමින් සිටි සහ වියදමක් දැරූ මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයාගේ නම ක්‍රිඩා අමාත්‍යංශයෙන් අමාත්‍යවරයාට උපදෙස් දෙන්න සිටින සහ පිරිවර ද ඇතුළුව නිලධාරින් විසින් කපා දමා අමාත්‍යවරයාගේද තේජස වැඩෙව්වේය.
“අපි එහෙම නටන්න දෙන්නෙ නැහැ වගෙ” අදහසේ කතා කියන අමාත්‍යවරයා ද මේ මොහොතේ ඒ අකාරයට මේ කැපීම ගැන උද්ධච්ඡ ලෙස උද්දාමයට පත් වෙනවා සැක නැත.
එහෙත් කපා දමා ඇත්තේ මේ සංචාරය වෙනුවෙන් වැඩිම වෙහෙසක් දරමින් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රමයෙන් පමණක් නොව,මුදලින් ද දායක වූ ක්‍රීඩකයාය.ඒ අශෝභන ක්‍රීයාවේ පදක්කමට අත්සන යෙද වූ විජේතුංග පමණක් නොව සමූහයක් කණ්ඩායමක්ම ඒ පදක්කමට සුදුස්සෝව සිටින බව අපි දනිමු.
බොහෝ විට මෙවැනි අවස්ථාවක නර්තනයකට සුදුසු ඇඳුමකින් සැරසී කඩා පාත් වී අමාත්‍යංශයේ දායකත්වය ගැන කියන්නට එන්නේ වැඩි වැඩක් නොදෙන නිසා කොහේ හො පාපයකට වුව කර ගසා මාධ්‍යයේ පෙනී සිටීමේ උවමනාවෙන් සිටින අමාත්‍යංශයේ දෙවැන්නාය.නිලධාරීන් සේ සිටින මෙවැනි අවස්ථාවන්ට සක්‍රීයව දායකත්වය දැක්වීමේ උවමනාවෙන් සිටින ලැජ්ජා නහරය කපා ගත් පිරිසක්ද සිටින බව අපි දනිමු.ඔවුහූ මෙවැනි ඕනෑම කාරණයකට තමන් දන්නා ක්‍රිඩාවට කුමන හානියක් වරදක් වුව ද නොසැලී ඇමතිවරයාගේ ක්‍රිඩාව කරන කණ්ඩායමේ බෝල අහුලන්නන් සේ සිටීමේ උනන්දුවෙන් සහ ආශාවෙන් කටයුතු කරුන්නෝය.


පුටු රැක ගැනීම,ඉහළ පුටුවලට සම්ප්‍රාප්ත වීම වෙනුවෙන් වැඩ කරන ඒ පිරිස ද සියල්ල හොඳින් ඉටු කළ බව කියන්නට පැමිණෙන දේශපාලකයාගේ ළඟින්ම සිට ගෙන කැමරාවට මුහුණ පානු ඇත.අවසානයේ මේ ක්‍රීඩකයින් තමන්ගේ රන් පදක්කම් රිදී පදක්කම්වලට ඇත්තටම ආදරය කරන පවුලේ හිතවතුන් එක්ක නිවෙස් බලා පිටත් වනු ඇත්තේ මේ ජයග්‍රහණ සමඟ හෙට වෙනුවෙන් බර උදව් අපේක්ෂා කරමින්ය.ලෝකයේ දියුණුම ක්‍රිඩා පහසුකම් ඇති රටවල් කිහිපයක පහසුකම් දැක විද පැමිණෙන ඔවුහු,ඒ කිසිවක් නැතුව පහසුකම් ඇති රටවල එවුන් ද අභිබවා තමන් පෑ දස්කම් නිසා තමන්ගේ රටෙන් ලැබෙන සැළකුම් ගැන සිහින මවමින් පිටත්ව යති.
බොහෝ විට තව අවුරුදු කිහිපයකින් සොල්දාදු වැටුපකට හමුදාවකට දුවනු හැර හෝ පනිනු හැර ඔවුන්ට දෙයක් ඉතුරු වේද?ඒ රැකියාවෙන් ද අවස්ථා තීරණය වීම කුමන හමුදාවේද සහ කුමන රෙජිමේන්තුවේද දක්වා වන බෙදීම්වලට වෙන්ව සැළකෙන රටක අපි කණිෂ්ඨ කාලෙ මෙහෙම කරා කියන මතකය පමණක් ඔවුන්ට ඉතුරු වෙනු ඇත.ඒවා ක්‍රීඩා සංගම්වලින් පමණක් නොව අමාත්‍යංශයෙන් සංවර්ධන දෙපාර්තමෙින්තුවෙන් හෝ ඒවා භාර අමාත්‍යවරුන්ගෙන් අපේක්ෂා කළ හැකිද?ඒවා මෙහෙයවන්නට ගරු කටයුතු චරිත ලෙස පත්වන එක එක සභාවන් හී මිනිසුන් ඒවා සිතන බව සිතෙනවාද සහ දැනෙනවාද?


එසේ වී නම් වෙළද සේවා මලල ක්‍රිඩා සංගමයේ සභාපතිවරයා සංචාරයෙන් නොකපා ඔහුව කැඳවා මේ ක්‍රීඩකයින්ට වෙළද කේෂ්ත්‍රයේ ක්‍රීඩාවත් අධ්‍යාපනයත් ලැබෙන රැකියා කිහිපයක් හෝ හොයා දෙන්න සාකච්ඡා කරනවා නොවේද?
ඉකිං සතුටින් හිනැහෙන්න දෙයක් නැත.එහෙත් මේ තරම් පිරිහුණු වපසරියක වුව ආසියාව නොව ලෝකයම ජය ගත හැකි මට්ටමේ තරුණ මලල ක්‍රීඩා කණ්ඩායමක් ඉන්නවා කියා ප්‍රදර්ශනය කළ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන ආඩම්බරය.ඒ ආඩම්බරයේ කඳුළු මැද්දෙන් වගකිව යුත්තන්ට මොළය පෑදුනොත් මේ ශරීර කූඩුවල හයියෙන් රටට කළ හැකි දේ ගැන සිතමින් සිහින දකින්නෙමු.ඒ සිහින සැබෑ කර ගන්නට දක්ෂතාවලට මඟ හැදෙන හැටි ගැන සිහින දකින්නෙමු.ඊට හරස්වන තිත්ත බොරුවල ගිලෙන විට වගකිවයුතු පිරිසගේ හුස්ම වෙනුවට හිරවෙන ක්‍රිඩාවේ හුස්ම ගැන පෙන්නා දෙන්නෙමු.
ආසියාව ජයගත් තරුණයන්ට සුප පතන්නෙමු!
පහතින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්,රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟ පදක්කම් සටහනේ හත්වන අවස්ථාව නියෝජනය කරන තරගාවලියේ සමස්ත පදක්කම් සටහනට පිවිසෙන මඟය.
https://u20.kr/by-country

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan