මේ ජනාධිපති වෙනස් කරොත් අයි.එම්.එෆ් එකක් ලැබෙයිද කියලා දන්නේ නෑ – විග්නේෂ්වරන්ගේ වැඩි කැමැත්ත රනිල්ට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 08 , කොළඹ (LNW):

ඉදිරි වසර දෙකේද රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස කටයුතු කළ යුතු බවත් , වර්තමාන ජනාධිපති කම වෙනස් කළොත් රටේ ආර්ථික ප්‍රශ්නය තවත් වැඩිවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා මාධ්‍ය හමුවේ පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ, දැනට තියෙන ආර්ථික තත්ත්වය අනුව වෙනසක් වුවුවහොත් දැනට තියෙන තත්ත්වයද නැති වන බවත් , ඒ අනුව නැවත ජනතාවට විශාල ප්‍රශ්න සඳහා මුහුණ දීමට සිදුවන බවයි.

දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නය වලට කිසිම සිංහල ජනාධිපතිවරයෙක් ගැන කිසි දෙයක් කර නොමැති බවත් , මේ ජනාධිපති වෙනස් කළහොත් අයි.එම්.එෆ් එකද ලැබීම සැකසහිත බව විග්නේෂ්වරන් මහතා පවසයි .

දකුණේ ඉන්න අයගෙන් සජිත්ට අනුරට අත්දැකීම් නොමැති බවත් , පලපුරුද්දක් ද නැති බවත් ඒ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ යද්දී, රටට නායකයකු අවශ්‍ය වූ අවස්ථාවේදී රට තුළ ප්‍රශ්න තිබූ මොහොතේ සජිත්, අනුර ඇතුළු කිසිවෙකු රට භාරගන්නා අභියෝගය අතට නොගත් බව විග්නේෂ්වරන් මහතා පෙන්වා දුනි.

ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් වෙනස් කරන්න හදන බවද , එලෙස සැලසුම් වෙනස් කළ විට ආර්ථික තත්ත්වය වෙනස් වන අතර , ණය වලටද කුමක් සිදුවේදැයි කකිසිවෙකු නොදන්නා බවද ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.ව් විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවන් අදහසක් ,

” දකුණේ කෙනෙක් තමයි දිනන්නේ…පොදු අපේක්ෂකයෙක් ගෙනාවට අපිට දිනන්න බෑ…

ජනාධිපතිවරණයට අපි දකුණෙන් එන අපේක්ෂකයන්ට ඡන්දය දෙනවා වගේ නෙමේ පොදු අපේක්ෂක කෙනෙක් අපි තෝරලා එයාටයි ඡන්දෙ දෙන්න ඉන්නේ..

අරක කරනවා මේක කරනවා..මැතිවරණ ඉවර නම් අපිව ගණන් ගන්නේ නෑ..අපේ ප්‍රශ්න එළිදරව් කරන්න ඕනේ..අපි පොදු අපේක්ෂා කෙනෙක් පත් කරන්න යනවා..

අපිට දිනන්න පුළුවන්කමක් නෑ..උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න වලට හෙළිදරව් කරන්න තමයි කරන්නේ..අපි මෙච්චර කල් කේවල කරා ..අරක දෙනවා මේක දෙනවා..

හිටපු අන්තිම මහ ඇමති මම ,තිබුණ අයිතියත්  අපිට දීලා නෑ…

දකුණු කෙනෙක් තමයි දිනන්න යන්නේ..පොදු අපේක්ෂකයා හැටියට අපි ප්‍රශ්න කියන්න කෙනෙක් හම්බවෙයි..

දැනට තියෙන තත්ත්වය හැටියට තවත් අවුරුදු දෙකක් හිටියොත් හොඳයි කියලයි මං හිතන්නේ..

දැනට තියෙන ආර්ථික තත්ත්වය අනුව වෙනසක් වුනොත් දැනට තියෙන තත්ත්වයක් නැති වෙනවා..හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා..

දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නය වලට කිcසිම සිංහල ජනාධිපති කෙනෙක් අපි ගැන ප්‍රශ්න ගැන කිසි දෙයක් කරල නෑ..

මේ ජනාධිපති වෙනස් කරොත් අයි.එම්.එෆ් එකක් ලැබෙයිද කියලා දන්නේ නෑ..

කිව්වොත් අපි අත උස්සනවා..

දැනටවත් අපි සහය දෙන්නේ දෙමළ පොදු අපේක්ෂකයකුට..

දකුණේ අපේක්ෂකරගෙන අපිට විශ්වාසයක් නෑ..

දකුණේ ඉන්න අයගෙන් සජිත්ට අනුරට අත්දැකීම් නැහැ..පලපුරුද්දක් නෑ..ගෝඨාභය දුන්න වෙලාවේ ප්‍රශ්න තියෙන වෙලාවෙ ඒගොල්ලෝ ඒක අතට  ගත්තේ නෑ…

සැලසුම් වෙනස් කරන්න හදනවා ජනතා විමුක්ති පෙරමුණ .එහෙම වෙනස් කරාම ආර්ථික තත්ත්වය වෙනස් වෙනවා..ණය කොහේ යයිද දන්නේ නෑ..

අපේ පොදු අපේක්ෂකයා අපි දන්නේ නෑ අපි සිවිල් කමිටුවක් තියෙනවා..ඒ කමිටුවෙන් තමයි හොයන්න ඕනේ..

දෙමළ පක්ෂ ඔක්කොම එකතු වෙලා කරන්නේ…

ලෙස ඒ මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට අධි චෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : 2014 වසරේ එවක...

ජනාධිපති අරමුදලින් ඉෂාක් බෙග් ගේ ප්‍රතිකාර සඳහා මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : ඉෂාක් බෙග් මහතාගේ...

මැලේසියාව ඉදිරියේ පළමු පරාජය ලබයි – පොදු වැරදි ප්‍රධාන හේතුවයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු යොවුන්...