මුලින් බඩගින්න නිවන්න කියල 21 පස්සට තල්ලු කරන්න බැහැ – දයාසිරි (VIDEO)

Date:

මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවීම අංක එකට විසඳිය යුතු වන අතර ඒ සමඟම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

බඩගින්න ඉදිරියට දමා 21 අනි සංශෝධනය ප්‍රමාද කිරීම කළ යුතු නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”මේ රටේ පාරට බැහැපු මිනිස්සු පාරට බැස්සේ එක පැත්තකින් ආහාර ටික නැතුව තෙල් ටික නැතුව බෙහෙත් ටික නැතුව බඩු මිල ගණන් යාම යන සියල්ලම නිසා. හැබැයි ඒක මහජන උද්ඝෝෂණයක් බවට පත්වෙලා රටේ මහජන කැළඹීමක් ඇති වුණා.ඒකේදී සියලු දෙනාම කිව්වේ මේකට ජනාධිපති වගකිව යුතුයි කියල. එතකොට ඒකට ගෙනාපු යෝජනාව තමයි ජනාධිපතිතුමාගේ බලතල අඩු කළ යුතුයි කියල. දැන් ඒ සටනට රනිල් වික්‍රමසිංහ මහත්තයා අඩ කොටයක් තියල නතර කරලා තියෙනවා. දැන් ආපහු කියන්න බැහැ කෑම ටිකයි මිනිස්සු ඉල්ලන්නේ 21 ඉල්ලන්නේ නැහැ කියල. 21 අනිවාර්යයෙන් ගේන්න ඕනේ. 21ට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා.”

දැන් විදමින් සිටින්නේ 2005 වසරේ සිට ගත් ණය කන්දරාවේ ප්‍රතිඵල මෙන්ම 1977සිට ගත් වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

එමෙන්ම ඉදිරි මැතිවරණයන් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අලුත් මුහුණු රැසක් ඉදිරියට ගෙන එන අතර අරගලයේ සිටින බොහමයක් දෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වනු ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...