සියහැවිරිදි පෙම්වතා 96 හැවිරිදි පෙම්වතිය හා විවාහ වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දෙවන ලෝක යුද්ධයේ සිය හැවිරිදි යුද විරුවෙකු හා 96 හැවිරිදි ඔහුගේ පෙම්වතිය විවාහ ගිවිස ගැනීම ඊයේ සිදුකෙරුණු බව වාර්තා වේ.

මීට මසකට පමණ ඉහතදී , ඔවුන් දෙදෙනා ඊයේ දිනයේ දී යුග දිවියට එළඹෙන බව නිවේදනය කළේය .

දෙවන ලෝක යුද්ධයේ යුද සැමරුම් ඊයේ ප්‍රංශයේ දී සිදුකෙරුණු අතර එම සැමරුම් සදහා ඇමෙරිකා ජනාධිපතිවරයා ද සහභාගී වූ බව වාර්තා වේ.

යුග දිවියට එළඹි හැරල්ඩ් ටෙරන්ස් හා ජීන් ස්වෙලින් ප්‍රංශ ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්වු බවද වාර්තා වේ.

විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව සිය හැවිරිදි ටෙරන්ස් සදහන් කළේ අද දිනය මාගේ දිවියේ හොදම දිනය බවත් , ආදරය තරුණ තරුණියන්ට පමණක් සිමා වු දෙයක් නොවන බව ඔහුගේ බිරිද මෙහිදි සදහන් කළ බවද එරට මාධ්‍ය වාර්තා කරයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...