ජොනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වෙයි

Date:

ගාලූ මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවී තිබේ.

අද රාත්‍රී 08 ට පෙර අධිකරණයට භාරවෙන ලෙස අභියාචනාධිකරණය ඔහුට අද දහවල් නියෝග කළ අතර එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙසයි අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් ගොණු කළ රිට් පෙත්සම අද (09) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සිදුවිය.

මෙහිදී හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...