ජාතික ඩෙංගු මර්දන වැඩසටහන:පළමු දවසේම පරිශ්‍ර 70,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට!

කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පසුගිය (08) දිස්ත්‍රික්ක 14 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 කින් ආරම්භවූ අතර මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන හෙට (10) දින දක්වා
ක්‍රියාත්මක වෙයි.

මදුරු මර්දන වැඩසටහනේ පළමු දිනයේ ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒ්කකයේ දී සමාලෝචනයක් සිදු කරමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ ආරම්භක දින වැඩ කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බවයි.

මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඩෙංගු සහායකයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග එක්ව කණ්ඩායම් වශයෙන් ගෙයින්ගෙට ගොස් පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.

එම කටයුතු සඳහා අදාළ සියලු පාර්ශ්වයන් දැඩි කැප කිරිමක් සිදු කළ බව ද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා විශේෂයෙන් සඳහන් කළේය.

ඒ අනුව තෙදින ඩෙංගු මදුරු වැඩසටහනේ පළමු දිනය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 ක තුළ පරිශ්‍ර 70,000 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, නිවෙස්, පාසල්, රාජ්‍ය ආයතන වල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන විශාල වශයෙන් හදුනා ගැනීමට හැකි වී ඇති බවත් ආයතන සහ පරිශ්‍ර රැසක මදුරු කීටයින් සහිත ස්ථාන වාර්තා වීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ද ගැනීමට සිදුව ඇති බව ද පැවැසීය.

වැඩසටහන ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් මේ සඳහා උපරිම සහයෝගය තවදුරටත් බලාපොරොත්තු වන බව සඳහන් කළ ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා හිමිකරුවන් නොමැති සහ දැනට භාවිතා නොකර වසා දමා ඇති පරිශ්‍ර තුළ මදුරුවන් බෝවන ස්ථාන විශාල වශයෙන් හදුනාගැනීමට හැකි වූ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...