*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ශානි අපි ඔබට යුක්තිය ඉටුකරනවා – අනුරගෙන් සහතිකයක්!

කොළඹ LNW: රටේ පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සඳහා රාජකාරීය ඉටුකිරීමේදී ඔහු වරදකරුවෙක් බවට පත්වන්නේ නම් කුමක්ද ඒ රට යන්න ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.

ඒ, ඊයේ (09) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සමූහයේ ජාතික සමුළුව අමතමිනි.

එම සමුළුව අමතමින් අනුර දිසානායක මහතා පැවසුවේ සිය රාජකාරී දිවිය තුළ අසාධාරණයට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට යුක්තිය ඉටුකරන බවයි.

”අපේ රටේ පොලීසියට චෝදනා එල්ල කරනවා බොහෝ පුරවැසියෝ. මම ඔබගෙන් එකක් ඇහුවා අපේ රටේ ආන්දෝලනයට තුඩු දී තිබෙන සිදුවීම් තිබෙනවා. නුරී වත්තේ වතු අධිකාරිවරයාගේ ඝාතනය,ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වුණා. පරීක්ෂණ කළා. මරණ දඩුවම ලබාදුන්නා. ඒවගේම තමයි හෝකන්දර එකපවුලේ පස් දෙනෙක් ඝාතනය කිරීමේ වරදට පරීක්ෂණ කළා.නීතිපති දෙපාර්තමේන්තුව නඩු පැවරුවා.අධිකරණය නඩුව විසඳුවා මරණ දඩුවම ලැබුණා. විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය,පරීක්ෂණය කළා නඩු පැවරුවා අධිකරණයෙන් ඝාතකයාට මරණ දඩුවම හිමිවුණා. හැබැයි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳ පරික්ෂණයන් අවසන් නොවන්නේ ඇයි? එක්නැළිගොඩගේ පැහැර ගැනීම පිළිබඳ පරික්ෂණයන් අවසන් නොවන්නේ ඇයි? පාස්කු ප්‍රාහරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් අවසන් නොවන්නේ ඇයි? කීත් නොයාර්ට පහර දීම ගැන පරීක්ෂණයක් කෙළවර නොවන්නේ ඇයි? උපාලි තෙන්නකෝන්ට පහර දීම ගැන පරීක්ෂණ කෙළවර නොවන්නේ ඇයි? පෝද්දල ජයන්තගේ අතපය කඩා දැමීම ගැන පරීක්ෂණ අවසන් නොවන්නේ ඇයි? සාමාන්‍ය කියමනක් තියෙනවා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව අතිශය දක්ෂයි ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන් හොයාගන්න බැරිවුණ හැම අපරාධයක්ම දේශපාලකයින් විසින් ආරක්ෂා කරනවා. ඒ හැම අපරාධයක් පිටිපස්සෙම දේශපාලකයන් ඉන්නවා. කීත් නොයාර්ගේ පැහැරගැනීම, ලසන්තගේ ඝාතනය,රගර් ක්‍රීඩකයාගේ ඝාතනය වගේ දේවල් පිටුපස දේශපාලන හස්තයන් තිබෙනවා. අපේ පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ලැබෙන පුහුණුව විතරක් නෙවෙයි හොඳ ඉවක් තිබෙනවා. බැරිවෙලාවත් කවුරුහරි පොලීසියට වැරදි පැමිණිල්ලක් දාන්න ගියොත් පොලීසියේ මහත්තයා කියනවා ඕක ඔහොම දාලා හරියන්නේ නැහැ මෙහෙම දන්න කියල. දාන කොටම තේරෙනවා මේක හරි එකක්ද වැරදි එකක්ද කියල. වැරදිකරුවන් දුෂිතයින් නිදැල්ලේ ඉන්නවා. ඒ අන්කවරක් නිසාවත් නෙවෙයි නමුත් මේ සියල්ල බිඳ වට්ටන්නේ කුමක් හේතුකරගෙනද දේශපාලන මැදිහත් වීම නිසා. නැත්නම් ඒ අපරාධ පිටුපස දේශපාලකයින් සිටීම.

ඔබ හිතන්න අපි කාගේත් හදවත පොඩි ප්‍රමාණයකට නතර කළා රවී සෙනෙවිරත්න මැතිතුමා ශානි අබේසේකරගේ කතාව කිව්වම.රටේ පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීම සඳහා තමන්ට පැවරී තිබෙන රාජකාරිය ඉටුකිරීමේදී ඔහු වරදකරුවෙක් බවට පත්වෙනවා නම් කුමන රටකද අපි ඉන්නේ. ඔහු අයුක්තියට ලක්වෙනවා නම් කුමන රටකද අපි ඉන්නේ. අපි ඔබට සහතිකයක් දෙන්නම් ශානි අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඔබට යුක්තිය ඉටුකරනවා.”යනුවෙන් අනුර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan