ප්ලාස්ටික් කන පණුවන් – ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසකි

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් Polystyrene (පොලිස්ටයිරින්) ආහාර වේලක් මත ජීවත් විය හැකි සුපිරි පණු විශේෂයක් සොයා ගෙන ඇත.

ඔවුන් විස්වාස කරන්නේ මෙම පණුවන්ගේ ශරීරයේ බඩවැල් වලින් නිපදවෙන එන්සයිමයක් හරහා ප්ලාස්ටික් ජීර්ණයට පත්වන බවයි. එය ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

මේ පිළිබඳ පර්යෝෂණයේ නිරත වූ වෛද්‍ය ක්‍රිස් රින්කේ ප්‍රකාශ කරනු ලැබුවේ මෙම සුපිරි පණුවන් ප්‍රතිචක්‍රීකරණය කරන කුඩා ශාක වලට සමාන බවත් ඔවුන්ගේ මුඛයෙන් පොලිස්ටයිරින් ඉරා දමා එමගින් ඔවුන්ගේ බඩවැලේ ඇති බැක්ටීරියා පෝෂණය කරගන්නා බවත් , ඔහු ප්‍රකාශ කර තිබේ.

Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සති තුනක් මෙම සුපිරි පණුවන් වෙනුවෙන් විවිධ ආහාර ලබා දී ඇත. එහිදී පොලිස්ටයිරින් ආහාරයට ගන්නා ලද පණුවන්ගේ බර අනෙකුත් පණුවන්ට සාපේක්ෂව වැඩි වී ඇත. මෙහිදී පර්යේෂකයන් උත්සහ කරන්නේ මෙම පණුවන් හරහා ප්‍රතිචක්‍රීකරණය සඳහා වඩාත් ඵලදායී එන්සයිමය හඳුනා ගැනීමටය.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාල පර්යේෂක මහාචාර්ය කොලින් ජැක්සන් පවසන්නේ මෙම පර්යේෂණය තවත් පියවරක් ඉදිරියට ගෙන යන බවයි.

එනම් මෙම සුපිරි පණුවාගේ බඩවැල් වල ඇති බැන්ටීරියා අණුක මට්ටමෙන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න වැදගත් පර්යේෂණ ධාරාවකි. එය ප්‍රතිචක්‍රීකරණයේ දී භාවිත කිරීම සඳහා වැදගත් බව ඔහු විසින් පෙන්වා දෙයි.

ජාත්‍යන්තරික වශයෙන් මේ වන විට ප්ලාස්ටික් විනාශ කිරීමට බැක්ටීරියා හා දිලීර වර්ග භාවිතා කිරීමට පර්යේෂකයන් සමත් වී ඇත. නමුත් මෙම සුපිරි පණු විශේෂය වඩාත් ප්‍රතිඵලදායක නව බලාපොරොත්තුවක් බව මහාචාර්ය කොලින් ජැක්සන් ප්‍රකාශ කර තිබිණ.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ගමන ජනතාව සවිබල ගන්වන රට ගොඩනගන මැද මාවතයි – විපක්ෂ නායක සජිත්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: සමගි ජන බලවේගය පක්ෂය...

සෞදි අරාබියේ ප්‍රධාන නැගෙනහිර–බටහිර තෙල් නළ මාර්ගයට යළිත් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: සෞදි අරාබිය හරහා...

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක සමඟ සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා එල්ල වූ NVIDIA ප්‍රධාන විධායක නිලධාරියා ගැන FBI පරීක්ෂණයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 10: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...