සමහරු ජනාධිපතිතුමාගේ අම්මාටත් අපහාස කරනවා. අපි දීපු ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු නිදහසක් කරගන්න එපා – ඇමති මහින්ද

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රිකාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට විවිධ අපහාස කරන බවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු නිදහසක් කරනොගන්නැයි ඔවුන්ට අනතුරු හඟවන බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි

“අපි දැක්කා ඇති පදම් විවේචන කරනවා. ජනාධිපතිතුමාගෙ අම්මාට, ඒ වයෝවෘද්ධ ආදරණීය අම්මාට විවිධ විදියට අපහාස කරනවා. අපේ අගමැතිතුමියට විවිධ අපහාස කරනවා. ඒවා මහත්වරුනි දේශපාලන විවේචන නෙවෙයි. මේගොල්ලන්ට කියන්න ඕනෙ, අපි ලබාදීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු නිදහසක් බවට පත්කරගන්න එපා කියලා, විශේෂයෙන්ම සෝෂල් මීඩියාවල මේ විදියේ වල්බූරු අභූත චෝදනා කරන, පහත් විවේචන කරන මහත්වරුන්ට අපි මේක කියන්න ඕනෙකම තියෙනවා”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...