ජනමාධ්‍යයට තොරතුරු දෙන්නන්ට එරෙහිව මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කිරීමේ ලක්මාලිගේ පිළිකුල්සහගත උත්සාහය හෙළාදකිනවා – FMM

පාර්ලිමෙින්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ළමා අපයෝජන සැකකරුවෙකු වන පල්ලේගම හේමරතන භික්ෂුව හා සබැඳි සිදුවීම සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියට එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනාත්මකව අදහස් දැක්වූ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පවසන අයට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රකාරව කටයුතු කරන බව අදාළ රැස්වීමේදී පැවසුවේ යැයි බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර ඇති බවත් ඇය විසින් මෙසේ මාධ්‍යවේදීන් වෙත තොරතුරු ලබා දෙන පිරිස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට යෝජනා කර තිබීම දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දැකිය යුතු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ඇය සිය දේශපාලන ව්‍යාපාරයට කුමන අන්දමකින් හෝ සේවය කිරීම ඇගේ අයිතියක් වන නමුත් ජනතා අභිලාෂවලට පිටු පාන්නට හෝ ඒවා හෑල්ලුවට ලක්කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් කරන්නට ඇයට හෝ කිසිවෙකුට ඉඩ දෙන්නට අයිතීන් අගයන පුරවැසි සමාජය සූදානම් නොමැති බවත් එබැවින් මෙවැනි තත්ත්වයන්ට එරෙහිව හැකි උපරිම අන්දමේ ක්‍රියාමාර්ග ගන්නා බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්ය ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...