ඉල්ලීම් ඉල්ලා ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්, අදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මකන බව වාර්තා වේ.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක අතර, එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ මහතා සඳහන් කළේ, බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත කර ගැනීමට නොහැකි වීම සහ පුරප්පාඩු පවතින සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීමට පාලන අධිකාරිය අපොහොසත් වීම යන කරුණු මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බවයි.

තවද, අද (11) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසන අතර, එහි සභාපති දුමින්ද උදුගොඩ මහතා සඳහන් කළේ, තම සංගමය ඊයේ දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර රාජකාරිවලින් ඉවත් වූ බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අදට දින 40 ක් සම්පූර්න වන අතර, , ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියාන්ත මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...